අද සිට විදුලි කප්පාදුවක් – විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය

power-cut

ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 180ක විදුලිය ලබාදීමට නොහැකිවීම සහ බොහෝ බලාගාරවල දැවි තෙල් පරිභෝජනය කිරීම හේතුවෙන් අද (24) සිට විදුලි කප්පාදුව ක්‍රියාත්මක වන බව ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමයේ කමිටු සාමාජික එරංග කුඩාහේවා මහතා පවසයි.

අද (24) රාත්‍රියේ සිට ඉතා කෙටි කාලයකට, අඟහරුවාදා (25) පැය එකහමාරකට පමණ විදුලිය විසන්ධි කරන බව එරංග කුඩාහේවා මහතා පැවසීය.

සෙනසුරාදා (22) ජල විදුලි උත්පාදනය මුළු විදුලි ඉල්ලුමෙන් 25% දක්වා පහත වැටී ඇත. ගල් අඟුරු, ඩීසල් සහ ඉන්ධන සැපයුම 72% කින් ඉහළ ගොස් ඇති බව ඔවුහු පවසයි.

මෙගාවොට් 180ක් නිපදවන සපුගස්කන්ද බලාගාරයේ ක්‍රියාකාරීත්වයට අවශ්‍ය දැවි තෙල් අවසන් වීම හේතුවෙන් සම්පූර්ණයෙන්ම වසා දමා ඇත.

විදුලි ඉංජිනේරු සංගමය පවසන පරිදි මෙගාවොට් 24 ක ධාරිතාවයකින් යුත් උතුරු ජනනි බලාගාරයේ දැවි තෙල් සහ ඩීසල් ද අවසන් වෙමින් පවතී.