රජයේ ආයුර්වේද වෛද්‍යවරු දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක

රජයේ ආයුර්වේද වෛද්‍යවරු දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක
ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිම්න් රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ වෘත්තීය සමිති ඒකාබද්ධ සංවිධානය විසින් අද (24) දිනයේ දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක නිරත වෙයි.
 
උදෑසන 8.00ට පමණ ආරම්භකළ මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය දහවල් 12.00 වනතෙක් ක්‍රියාත්මක වෙන බවයි රාජගිරිය රජයේ ආයුර්වේද රෝහලේ වෛද්‍ය අජිත් මහතා වැඩබිම සමඟ ප්‍රකාශ කළේ.
 
strike1 
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් වෛද්‍යවරයා ප්‍රකාශ කළේ උදෑසන 8.00 සිට දහවල් 12.00 වනතෙක් ආයුර්වේද රෝහල් වෛද්‍යවරු සේවයෙන් බැහැරව වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරතවෙන බවයි.
 
රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ට හිමි දීමනා වහා ලබා දෙන ලෙසත් ශ්‍රී ලංකා ආයුර්වේද වෛද්‍ය සේවා ව්‍යවස්ථාව විකෘති කිරීම වහා නතරකරන ලෙසත් මෙහිදී ඉල්ලීම් කරන බවත් නිසි විසඳුමක් බලධාරීන් විසින් නොදුනහොත් අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයකට පෙළගැසෙන බවත් වෛද්‍ය අජිත් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.