සේවකයින්ට කාර්යාල තුළදීම එන්නත් ලබාදීමේ වැඩපිළිවෙළක්

සේවකයින්ට කාර්යාල තුළදීම එන්නත් ලබාදීමේ වැඩපිළිවෙළක්

කාර්යාල සේවකයින් සදහා කාර්යාල තුළදීම එන්නත් ලබාදීමේ විශේෂ වැඩපිළිවෙළක් සෞඛ්‍ය අමාත්‍යාංශය ක්‍රියාත්මක කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ කොවිඩ් නයින්ටීන් පිළිබද ප්‍රධාන සම්බන්ධීකාරක වෛද්‍ය අන්වර් හම්දානි මහතා ප්‍රකාශ කර තිබේ.

ආයතනයක බහුතරයක් සේවකයි එන්නත්කරණ වැඩසටහනට සම්බන්ධ කිරීමේ ගැටළුවක් හෝ අපහසුවක් තිබේ නම් හෝ රාජකාරීමය අවස්ථාවන්හිදී සේවකයින් එන්නත්කරණයට යොමුකිරීමේ අපහසුවක් තිබේ නම් ඒ සම්බන්ධයෙන් සලකා බලා ඉදිරි කාලයේදී ක්‍රියාමාර්ග ගැනීමට සූදානමින් සිටින බවත් ඒ මහතා සඳහන් කළේය.