ස්ථිර වු හා පුහුණු වන අභ්‍යාසලාභි උපාධිධාරින්ට හදිසි දැනුම්දීමක්

ස්ථිර වු හා පුහුණු වන අභ්‍යාසලාභි උපාධිධාරින්ට හදිසි දැනුම්දීමක්

දැනට අභ්‍යාසලාභී පුහුණුවේ සිටින,පුහුණුව අවසන් සහ පුහුණුව තවදුරටත් අවසන් වීමට නියමිත උපාධිධාරීන් හා ඩිප්ලෝමාධාරීන් ස්ථීර කිරීමේ ක්‍රියාවලියත් ඒ වගේම ඔවුන් ස්ථානගත කිරීමේ ක්‍රියාවලියෙත් අදාළ කටයුතු මේවනවිට ක්‍රියාත්මක වන අතර එනමුත් අපේක්ෂා කරන ලද කාලයට වඩා වැඩි කාලයක් මේ ස්ථීර කිරීම් හා ස්ථානගත කිරීමේ ක්‍රියාවලිය සඳහා බලධාරීන් ගනු ලබන බව සංවර්ධන නිලධාරී සේවා සංගමයේ ප්‍රධාන ලේකම් චන්දන සූරිය ආරච්චි මහතා ප්‍රකාශ කර තිබේ.

 chandana

එම නිසා උපාධිධාරීන් විශාල ප්‍රමාණයක් දැඩි පීඩාවට සහ අපහසුතාවයකට පත්ව සිටින බව ඒ මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කරයි.

මෙහිදී ස්ථිර වු හා පුහුණු වන අභ්‍යාසලාභි උපාධිධාරින්ගේ ගැටළු විසදිම සඳහා විස්තර ලබා දෙන ලෙසත් දැනුවත් කර තිබේ.