C190 සම්මුතිය අපරානුමත කර ගැනීමට වෘත්තීය සමිති පෙරට එයි

C190 සම්මුතිය අපරානුමත කර ගැනීමට වෘත්තීය සමිති පෙරට එයි

ලොව පුරා ශ්‍රම බලකායේ එකී අයිතිය තහවුරු කරමින් ශිෂ්ඨ සම්පන්න වැඩ පරිසරයක් හැදීම සදහා වෘත්තීය සමිති විසින් සිදු කරන ලද අරගලය ජය ගනිමින්, ලෝක කම්කරු සංවිධානය (ILO) විසින් සේවකයින්ගේ අයිතිවාසිකම් තහවුරු කරමින් 2019 වර්ෂයේ ජූනි මස 21 වෙනි දින පිළිගත් C190 සම්මුතිය ශ්‍රී ලංකාව තුළ අපරානුමත කර ගැනීමට එරෙහිව පවතින බාධාවන් පිළිබදවත්, ඒ හේතුවෙන්ම අප රටේ ශ්‍රමිකයන්ට මෙන්ම ව්‍යවසායකයන්ට, සේවාදායකයන්ට හා රටක් ලෙස ඇතිවන අපකීර්තිමත් තත්වය පිළිබදව තොරතුරු හෙලදරව් කිරීමටත්, ඊට එරෙහිව අප විසින් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබදව දැනුවත් කිරීම සඳහා වෘත්තීය සමිති මධ්‍යස්ථානය  අද (30) කොල්ලුපිටිය රේණුකා හෝටල් ශ්‍රවනාගාරයේදී විශේෂ මාධ්‍ය හමුවක් සංවිධානය කරන ලදී.

3
4

මේ අවස්ථාව සඳහා වෘත්තීය සමිති මධ්‍යස්ථානය නියෝජනය කරමින් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ රවී කුමුදේශ් මහතා,රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සමන් රත්නප්‍රිය මහතා,වෛද්‍ය හා සිවිල් අයිතීන් පිළිබඳ වෛද්‍ය නිලධාරීන්ගේ වෘත්තීය සමිති සංසදයේ වෛද්‍ය චමල් සංජීව මහතා,රජයේ වෛද්‍ය නිලධාරී සංසදයේ වෛද්‍ය නිරෝෂණ ප්‍රේමරත්න මහතා,රී ලංකා ජාතික නාවික සංක්‍රමණික සේවකයින්ගේ සංගමයේ (NUSS) ලාල් ජයතිස්ස මහතා,ජනරජ සෞඛ්‍ය සේවක සංගමයේ පියතිස්ස මඩපාත මහතා,ජාතික සේවක සංගමයේ සුරංග නාවුල්ලගේ මහතා,පළාත් කළමනාකරණ සේවා නිලධාරීන්ගේ සංගමයේ විජිත ප්‍රේමරත්න මහතා,තමරා දයානි හෙට්ටිමුල්ලගේ මහත්මිය ඇතුළු තවත් වෘත්තීය සමිති සාමාජිකයින් රැසක් සම්බන්ධවී සිටියහ.



C190 සම්මුතිය සම්බන්ධ තවත් වැදගත් ලිපි කියවන්න...

GBV



5

 

C190 සම්මුතිය ලංකාව තුළ අපරානුමතකර ගැනීමේ අවශ්‍යතාවය සම්බන්ධයෙන් සහ ජාතික නීතියක් බවට පත්කිරීමේ වැදගත්කම සම්බන්ධයෙන් දිගින් දිගටම මෙහිදී සාකච්ඡාවට ලක්වූ අතර ප්‍රචණ්ඩත්වයෙන් හා හිංසනයෙන් තොර නිදහස් වැඩ ලෝකයක ශිෂ්ඨ සම්පන්න රැකියාවක යෙදීමේ ඇති අයිතිය ආරක්ෂා කිරීම අනිවාර්යෙන් සිදුවිය යුතු බවත් අවදාරණය කරන ලදී.

රාජ්‍ය අංශයේ,පෞද්ගලික අංශයේ මෙන්ම අවිධිමත් ක්ෂේත්‍රයේ කාන්තාවන්ට සහ පුරුෂයින්ට සිදුවෙන හිංසනයන් හා ප්‍රචණ්ඩත්වය මුලිනුපුටා දැමීමේ කාලය එළඹ තිබෙන බවත් යල්පැන ගිය නීති රීති වල කටයුතු කිරීමේන් බැහරව C190 වැනි අතිශය වැදගත් සම්මුතීන් ලංකාව තුළ අපරානුමත කිරීමට හොඳම කාලය එළැඹ ඇති බවත් මෙහිදී සාකච්ඡාවට නැගුණි.

ලොව පුරා වෘත්තීය සමිති අරගල කර ජයග්‍රහණය කරවූ, එම සම්මුතිය අප රටේ ශ්‍රම බලකායේ අයිතියක් බවට තහවුරු කිරීම, අප වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සාමූහික ප්‍රයත්නය වන අතර, ඒ සදහා අප ඉදිරියේදී ඒකාබද්ධව කටයුතු කිරීමට තීරණය කර තිබෙන බවත් අවසාන වශයෙන් සාකච්ඡා විය. මේ අවස්ථාව සඳහා ප්‍රධාන මාධ්‍ය ආයතන නියෝජනය කරමින් මාධ්‍යවේදීන් රැසක් සහභාගි වූහ.

 

6

7

8