C190 හා C189 ජාත්‍යන්තර සම්මුතීන් සම්බන්ධයෙන් කතිකාවක් ගොඩනැගෙයි

C190 හා C189 ජාත්‍යන්තර සම්මුතීන් සම්බන්ධයෙන් කතිකාවක් ගොඩනැගෙයි
C 190 හා C189 සම්මුතීන් ලංකාව තුළ අපරානුමත කර ගැනීමේ ක්‍රියාවලිය තුළ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමේ වැඩසටහනක් ඊයේ (23) දිනයේ කොළඹ ජයික් හිල්ටන් හෝටල් ශ්‍රවනාගාරයේදී පැවැත්විණි.
 
මෙම අවස්ථාව සඳහා රාජ්‍ය පාර්ශවයෙන් ගරු කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සහ කම්කරු කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතාසම්බධවූ අතර ඊට අමතරව නීතිඥ ශ්‍යාමලී රණරාජා මහත්මිය සහ මාධ්‍ය ආයතන කිහිපයක් නියෝජනය කරමින් මාධ්‍ය වේදීන්,වෘත්තීය සමිති නියෝජතියන් හා සිවිල් සංවිධාන නියෝජිතයින් කිහිප දෙනෙක් සම්බන්ධවී සිටියහ.
 

එම අවස්ථාවේදී කම්කරු ප්‍රජාවට වැදගත්වෙන නීති රීති අණපනත් සම්බන්ධයෙන් වැඩිදුරටත් සාකච්ඡා වූ අතර විශේෂයෙන් ගරු අමාත්‍යවරයා විසින් C190 සහ C189 ජාත්‍යන්තර සම්මුතීන් මෙරට තුළ සම්මත කර ගැනීමේ ක්‍රියාවලියේ වත්මන් තත්ත්වය ගැන අවධාරණය කරනු ලැබූ අතර තවද වෘත්තීය සමිති, නීතිඥවරුන්,මාධ්‍යවේදීන් හා සිවිල් සංවිධානවලින් මෙම සම්මුතිය සම්බන්ධයෙන් අදහස් හා යෝජනා විමසීය.

IMG 9170 1

IMG 9021

IMG 9028

IMG 9141

IMG 9117