ශ්‍රීලංගම සේවකයින්ව වෘතීය ක්‍රියාමාර්ගයන් වලට පොළඹවන්නේ නැතිව රුපියල් පන්දහසේ (රු.5,000/) දීමනා මුදල ඇතුලූ පහත සඳහන් ඉල්ලීම් ලබාදීමට කඩිනමින් මැදිහත් වන ලෙස ඉල්ලා සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමය විසින් ජනාධිපතිවරයා වෙත් ලිපියක් යවමින් ඉල්ලීමක් කර ඇත.
එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ, රුපියල් පන්දහසේ (රු.5,000/-) දීමනා මුදල ශ්‍රීලංගම සේවකයින් හට මෙතෙක් ලබා දී නැත. ඊට අමතරව තවත් ඉල්ලීම් කිහිපයක් ශ්‍රී ලංගම සේවකයින්ට ඉටුකර දිය යුතුමය.
මෙම සාධාරණ යුක්තිගරුක ඉල්ලීම් ශ්‍රීලංගම බලධාරීන් ඉටුකිරීමට අසමත් වුවහොත් ශ්‍රී ලංගම සේවකයින් වෘතීය ක්‍රියාමාර්ගයන් වලට පිවිසීමට බොහෝ දුරට ඉඩකඩ ඇත.
තම ජීවිත වලට සිදුවන හානිය පවා නොතකා කොරෝනා උවදුර හමුවේ අගනා ගෞරවනීය සේවාවක් සිදුකළ ශ්‍රීලංගම සේවකයින් හට පහත සඳහන් ඉල්ලීම් ලබාදීමට ඔබතුමා මැදිහත් වනු ඇතැයි අප සංගමය විශ්වාස කරන්නෙමු.
අතිමහත් දුෂ්කරතාවයකට මුහුණ දෙමින් දැඩි ආර්ථික පීඩනයකින් අන්ත අසරණභාවයකට පත්වී සිටින ශ්‍රීලංගම සේවකයින් දැඩි වෘතීය ක්‍රියාමාර්ගයන්ට පොළඹවන්නේ නැතිව ඉහත ඉල්ලීම් ලබාදීමට කඩිනමින් මැදිහත් වන ලෙස අප සංගමය ඔබතුමාගෙන් ඉමහත් ගෞරවයෙන් ඉල්ලා සිටින්නෙමු.
