ගර්භනී හා විශේෂිත පුද්ගලයින්ට පෙර පැවැති සහන යළි ඉල්ලයි

ගර්භනී හා විශේෂිත පුද්ගලයින්ට පෙර පැවැති සහන යළි ඉල්ලයි

ඔමික්‍රෝන් හා Covid-19 වෛරසයන්ගේ ව්‍යාප්තිය වේගවත්ව ඇති බැවින් රාජ්‍ය සේවයේ ගර්භනී නිලධාරිනියන් ඇතුළු විශේෂ පුද්ගලයින් සේවයට කැඳවීමේ දී පැවති සහන යළි ලබා දෙන ලෙස සංවර්ධන නිලධාරී සේවා සංගමය රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයාගෙන් ලිපියක් යවිමන් ඉල්ලීමක් කර ඇත.

එම ඉල්ලීමේ වැඩිදුරටත් සඳහන් වන්නේ, මුළු රට පුරාම යළිත් වටයකින් ඔමික්‍රෝන් නව වෛරසය හා පැවති Covid-19 වෛරසය වේගයෙන් පැතිරෙන බවත් වෛරසය සඳහා ගොඳුරුවන ආසාධිතයින් දෛනිකව ඉහළ යමින් පවතින බවත් සෞඛ්‍ය අංශ මඟින් කරනු ලබන අනාවරණයන් මිඟින් පැහැදිලි වේ. වෛරසය වැළදී මිය යන ආසාධිතයනි ප්‍රමාණයේ ද වැඩි වීමක් දක්නට ලැබෙන බව මාධ්‍ය මඟින් අනාවරණය කරන කරුණු මත තහවුරු වේ.

Covid-19 වෛරසය පැතිරයමින් පැවති වටපිටාව තුළ එයින් පීඩාවට පත්වෙන පිරිස් වෙත ආණ්ඩුව යම් ප්‍රමාණයක පහසුකම් සැපයූ අතර රාජ්‍ය සේවය තුළ සිටින ගර්භනී නිලධාරිනියන්ට, වයස අවුරුදු 01ට වඩා කුඩා දරුවන් සහිත කිරිදෙන නිලධාරිනියන්ට හා විශේෂ රෝගාබාධ සහිත පිරිස් රාජ්‍ය සේවය සඳහා කැඳවීමේ දී අනුගමනය කළයුතු විශේෂ සහන ප්‍රමාණයක් 2021.12.31 දක්වා ලබා දී තිබුණි.

නමුත් ආණ්ඩුව රාජ්‍ය පරිපාලන චක්‍රලේක 2/2021(v) චක්‍රලේඛය මඟින් ලබා දී තිබූ සහනය රාජ්‍ය පරිපාලන චක්‍රලේක 2/2021(vi) විසින් 2022 ජනවාරි 01 දින සිට අවලංගු කරන ලදි. එම අවලංගු කිරීම හේතුවෙන් රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවය තුළ සිටින ගර්භනී කාන්තා නිලධාරිනයන්ට, වයස අවුරුදු 01ට වඩා අඩු දරුවන් සහිත නිලධාරිනියන්ට හා විශේෂ රෝගාබාධ සහිත පිරිස දැඩි අවධානමකට ලක්ව ඇත.

පාසල්වල සිසුන් අතරත්, විශ්ව විද්‍යාල තුළත් පොදු මහජනතාව අතරත් #Covid-19 හා ඔමික්‍රෝන් වෛරස ව්‍යාප්ත වෙමින් පවතින බැවින් එය පාලනය කරගැනීම සඳහා දැනට විශේෂ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක වන බවක් දක්නට නොමැත,

2. Covid-19  අවධානම යටතේ ජන ජීවිතවලට සිදුවන අවධානම අවම කිරීම සැලකිල්ලට ගෙන රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවයේ ගර්භණී නිලධාරිනියන්, වයස අවුරුදු 01ට වඩා කුඩා දරුවන් සහිත නිලධාරිනියන් හා විශේෂ රෝගාබාධ වලින් පෙලෙන පිරිස් වෙත 2021.10.01 දින සිට 02/2021(v) චක්‍රලේකය මිඟින් ලබා දී තිබූ සහනය යළි ලබා දීමට පියවර ගන්නා මෙන් ඉල්ලා සිටිමු,

3. Covid-19  තත්වය යටතේ පවා එවැනි සහන ලබා දී තිබිය දී ඔමික්‍රෝන් වැනි වෛරසයන් වේගවත්ව ක්‍රියාත්මක වන මොහොතක එවැනි සුවිශේෂී හා සමාජ අවධානයක් යොමු කළයුතු පිරිස් සඳහා අවශ්‍ය සෞඛ්‍ය ආරක්ෂාව ලබා දීම වගකිව යුතු සියළු අංශවල වගකීමක් වන බැවින් පවතින තත්වය පාලනය වන තෙක් අවම වශයෙන් ගර්භනී කාන්තාවන්, වයස අවුරුදු 01 වඩා අඩු දරුවන් සහිත නිලධාරිනියන් හා විශේෂ රෝගාබාධවලින් පෙලෙන පිරිස් දෛනික ආයතන වෙත සේවය සඳහා කැඳවීම වළක්වමින් ඒ සඳහා විධිමත් චක්‍රලේකයක් මඟින් ආයතන ප්‍රධානීන් වෙත උපදෙස් ලබාදෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු,

4. මේ පිළිබඳව ගනු ලබන විසඳුම් කඩිනමින් ක්‍රියාත්මක කරනු ඇතැයි බලාපොරොත්තු වෙමු.