එන්නත් තුනම නොගත් අයට පොදු ස්ථාන තහනම් ! - අති විශේෂ ගැසට් නිවේදනයක්

එන්නත් තුනම නොගත් අයට පොදු ස්ථාන තහනම් ! - අති විශේෂ ගැසට් නිවේදනයක්

පූර්ණ එන්නත්කරණයට ලක් නොවූ පුද්ගලයින්ට පොදු ස්ථානවලට ඇතුළු වීම සිමා කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ, සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල විසිනි.

එම ගැසට් නිවේදන දැක්වෙන්නේ, අදාළ නියෝගයන් අප්‍රේල් මස 30 වැනිදා සිට ක්‍රියාත්මක විය යුතු බවයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් නිශ්චිතව දක්වා ඇති පරිදි එන්නත්කරණයේ අවශ්‍ය නියමිත මාත්‍රාවන් ලබා ගෙන තිබිය යුතු බව අදාළ ගැසට් නිවේදනයට අනුව පූර්ණ එන්නත්කරණය ලෙස දක්වා තිබේ.

පූර්ණ එන්නත්කරණය සිදු කර ඇති බවට සාධක, කිසියම් අයෙකු පූර්ණ එන්නත්කරණයෙන් නිදහස් කළ හැකි ව්‍යතිරේඛ තත්ත්වයන් සහ එන්නත්කරණය ලබා ගැනීමට යෝග්‍ය වයස් කාණ්ඩ පිළිබඳව නිශ්චය කිරීම් මාර්ගෝපදේශයක් ලෙස හෝ චක්‍රලේඛයක් ලෙස නිකුත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස මෙමගින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට උපදෙස් ලබා දී තිබේ.

කොවිඩ්  පැතිරීම පාලනය කිරීමේ පියවරක් ලෙස මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසන්නේ, පොදු ස්ථාන, පූර්ණ එන්නත්කරණය, එන්නත්කරණය සිදු කළ යුතු වයස් කාණ්ඩ සහ එන්නත්කරණයෙන් නිදහස් කළ හැකි නිර්නායක ඉදිරියේදී නිකුත් කිරීමට පියවර ගන්නා බවය.

image 3943ce6898

image 7f8207786d