සෞඛ්‍ය වෘත්තීයවේදීන් මර්ධනයයට හදිසි නීතීය ගෙන ඒමේ වෑයමක් - රවි කුමුදේස්

සෞඛ්‍ය වෘත්තීයවේදීන් මර්ධනයයට හදිසි නීතීය ගෙන ඒමේ වෑයමක් - රවි කුමුදේස්

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ ගැටළු සදහා ලබා දිය හැකි සරළ විසදුම් පවා ලබා දීමට උත්සාහ නොකල සෞඛ්‍ය අමාත්‍යාංශය, ඒ සදහා හදිසි නීතිය ගෙන එමින් වෘත්තීය සමිති මර්ධනය කිරීමේ වෑයමක නිරත වෙමින් සිටින බව වාර්ථා වෙන බව  කැදවුම්කරු සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ කැඳවුම්කරු රවි කුමුදේස් මහතා කියා සිටිනවා.

ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ, රට ආර්ථික වශයෙන් බංකොලොත් තත්වයකට පත්ව තිබියදී, මානුෂීය ආධාරයක් හෝ ලබා ගැනීමට රටේ ශිෂ්ඨ සම්පන්න භාවිතාවන් පිළිබදව විශාල ජාත්‍යන්තර අවධානයක් යොමු වී ඇති මොහොතක, සෞඛ්‍ය බලධාරීන්ගේ දුර්වලතාවය වසා ගැනීම සදහා එවන් අදූරදර්ශී ක්‍රියාමාර්ගයක් වෙත අවතීර්ණ වුවහොත් එය නැවත නිවැරදි කල නොහැකි දේශපාලන වරදක් ලෙස සනිටුහන් වනු ඇත.  ජාතන්ත්‍රවාදී භාවිතාවන් කෙලෙසා දැමීම සදහා ඇතැම් බලධාරීන්ගේ උත්සාහය, ගැටළු විසදීම සදහා යොදා ගනු ලැබූයේ නම්, මෙකී සියළු ගැටලු වළක්වා ගැනීමට හැකියාව තිබුණු අතර, එම හැකියාවා තවදුරටත් අවසන් වී නොමැති බවයි.