කම්කරු පන්තියේ අරමුදල කොල්ලකෑම වහාම නවත්වන්න - චින්තක බණ්ඩාර

chinthaka-bandara

"මහින්ද රාජපක්ෂ රට පාලනය කරන සියලුම අවස්ථාවල මේ සේවක භාරකාර අරමුදල සහ මෙවැනි සේවකයන්ට හිමි අරමුදල් සම්බන්ධයෙන් ගන්නා වූ ඉතා පහත් ප්‍රතිපත්ති මේක තමන්ගේ බූදලයක් හැටියට සලකලා තමන්ගේ අවශ්‍යතා වෙනුවෙන් මේ අරමුදල් පරිහරණය කිරීම මේක ඉතිහාසයේ අවස්ථා ගණනාවකදී සිද්ධ වුණා. ඒ වගේම මේ අරමුදල් හරහා ඔවුන්ගේ ව්‍යාපාර කටයුතු ප්‍රවර්ධනය කරගැනීමට අවස්ථා ගණනාවක උත්සාහ ගත්තා. මේ අවස්ථාවලදී අපි දන්නවා වෘත්තීය සමිති විදිහට මේ අරමුදලේ සාමාජිකයන් විදිහට සටන් වැදිලා සේ තමන්ගේ පූජා කරපු සේවක සහෝදරවරු ඉන්නවා."   යයි 43 සේනාංකයේ වෘත්තීය සමිති වෘත්තීය සමිති අංශය විසින් අද සංවිධානය කළ මාධ්‍ය හමුවක දී අදහස් දැක්වූ වෘත්තීය සමිති කටයුතු සම්බන්ධීකාරක චින්තක බණ්ඩාර මහතා මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වැසූවේයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ චින්තක බණ්ඩාර මහතා "43 සේනාංකය නියෝජනය කරන වැඩ කරන ජනතාව සමග ඉන්න කණ්ඩායමක් විදිහට මේ බරපතල හානිය නතර කිරීම සඳහා මේ රටේ ඉදිරිපත් වන ඕනෑම කණ්ඩායමක් සමග අත්වැල් බැඳගෙන මේ අරමුදල් ආරක්ෂා කරගැනීම සඳහා පෙරමුණ ගන්නට. ඒ නිසා අපි ඉතාමත් ඕනෑකමින් රජයට, විශේෂයෙන්ම ජනාධිපතිවරයාට, ඒ වගේම මොළ හතක් තියාගෙන මේ රට ආර්ථික අගාධයට ක්‍රම ක්‍රමයෙන් තල්ලු කරන මුදල් ඇමතිවරයාට ඉතාමත් ඕනෑකමින් කියනවා. වහාම මේ පනත අහෝසි කරන්න. වහාම මේක ආපස්සට ගන්න. එහෙම නැත්නම් මේ රටේ මේ පනත නියෝජනය කරන සමස්ත වැඩකර පන්තිය සමඟ අපි මහ පාරට බහින්නට සූදානම්. අපි  ඒ සම්බන්ධයෙන් කැරලි ගහන්නට සූදානම්. ඒ නිසා තමන්ගේ තියෙන දැඩි ආර්ථික අහේනියට, මේ රටේ මහජනතාව සතු එහෙම නැත්නම් වැඩකරන පන්තිය සතු අරමුදල් මංකොල්ලකෑමේ ප්‍රතිපත්තිය වහාම නතර කරන්න"

Bandula Chandrasekara

අද ආණ්ඩුව කුළී හමුදාවන් යොදා දේශපාලන හා වෘත්තීය සමිති නායකයන්ට තර්ජනය කරමින් පවතින බව එහි වෘත්තීය සමිති අංශය විසින් අද සංවිධානය කළ මාධ්‍ය හමුවක දී වැඩිදුරටත් අදහස් දැක්වූ 43 සේනාංකය ජාතික සම්බන්ධීකරණ කමිටුව නියෝජනය කරන බන්දුල චන්ද්‍රසේකර මහතා

"පසුගිය අයවැයේදී මේ රටේ පුද්ගලයන්ගෙන් සමූහ ව්‍යාපාරවලින් සමාගම්වලින් සුපිරි ලාභ බද්දක් අය ගැනීම සඳහා යෝජනාවක් ගෙනාවා. එම යෝජනාවට එකතුවක් කරමින් අද වෙනවිට මේ ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව බැසිල් රාජපක්ෂ මුදල් ඇමතිවරයා අද පනතක් ගෙනල්ලා තියෙනවා අධිභාර බදු පනතක්. මේ පනතට අනුව බදු අයකර ගැනීම හැකියාව තියෙන පුද්ගලයන් සමාගම් වලින් හවුල් ව්‍යාපාර අරමුදල් වලින්  රුපියල් බිලියන 2කට වැඩි ආදායමක් ලැබීමෙන් එම ආදායමෙන් 25% ක අධිභාර බද්දක් අයකර ගැනීම සඳහා. දැන් මේ සුපර් ගේන් ටැක්ස් එක ව්‍යාපාරිකයන්ගෙන් අයකර ගැනීමට කියලා ගෙනාපු  අයවැය යෝජනාවට යටින් අද මේ රටේ පෞද්ගලික අංශයේ, අර්ධ රාජ්‍ය අංශයේ වැඩ කරන ජනතාවගේ විශ්‍රාම වැටුපට විකල්පයක් හැටියට තියෙන සේවක අර්ථසාධක අරමුදලෙන් සේවක භාරකාර අරමුදලෙන් මෙම බද්ද අයකර ගැනීමේ අනතුර දැන් යෝජනා වෙලා තියෙනවා."

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ සේවකයන් ගණන ලක්ෂ 26 ඉක්මවයි. අර්ධ රාජ්‍ය අංශයේ සේවකයන් ගණන ලක්ෂ 4 කට ආසන්නය. මින් බොහෝ දෙනෙකුට විශ්‍රාම වැටුප අහිමි ය. ඒ වෙනුවට රැකියාවෙන් විශ්‍රාම යාමෙන් පසු ඔවුන්ගේ අනාගත ජීවිත සුරක්ෂිතතාව උදෙසා සේවක අර්ථසාධක හා සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදල් පිහිටුවා තිබේ.

රු. බිලියන 3000 කට ආසන්න තැන්පතුවක් මෙම අරමුදල් දෙකෙහි පවතින අතර, සමහර අර්ධ රාජ්‍ය අංශයේ, බැංකු, ලංවිම වැනි ආයතනවල තමන්ටම ආවේණික වූ සේවක අර්ථසාධක අරමුදල් පවතී. සියල්ල එක්ව ගත් කළ රු. බිලියන 3200 කට ආසන්නය. මේ මුදල් ආයෝජනය කිරීමෙන් දළ වශයෙන් රු. බිලියන 320 ක පමණ ආදායමක් ලැබෙන අතර, ඉන් අරමුදලේ වැඩකටයුතු පවත්වාගෙන යයි. කෙසේවෙතත් මෙම අධිභාර බද්ද පැනවීම මගින් ආණ්ඩුව මේ මුදල් මංකොල්ලකෑමට උත්සාහ කරන බව ද චන්ද්‍රසේකර මහතා පෙන්වා දුන්නේය.

"අපිට අද තොරතුරු ලැබෙමින් පවතිනවා, මේ රාජපක්ෂ පවුලත් එක්ක ගනුදෙනු කරන, ඒ වටේ ඉන්න ඇතැම් ජාවාරම්කාර සමාගම් හිමියන්ට එම බද්දෙනුත් රිංගලා යන්න තත්වය ඇති කිරීමට දැන් කටයුතු යොදාගෙන යනවයි කියලා.  මේ ව්‍යාපාරික ලෝකයේ සම බිමක් නැහැ. සම තරඟකාරීත්වයක් හැම සමාගමකට නැහැ. දේශීය සමාගම් බොහොමයක් අද වන විට විශාල අර්බුදය මුහුණ පාලා තියෙනවා. විශේෂයෙන් පසුගිය කාලය පුරාම ඇතිවුණු කෝවිඩ් වසංගත තත්වයත් ඒ වගේම අද මේ රට මුහුණ දී තිබෙන විදේශ විනිමය ප්‍රශ්න මූල් ය අර්බුදයක් නිසා දේශීය සමාගම රැසක් විශාල සමාගම් පවා විවිධ අර්බුද වලට මුහුණ දෙමින් තිබෙනවා. එහෙම තියෙද්දි රාජපක්ෂ පවුලත් එක්ක ගනුදෙනු කරන ඇතැම් සමාගම් වලට  මේ සුපිරි බද්දෙන් පැනලා යන්න නොයෙකුත් විධි යොදන බවට අපිට ආරංචි පැතිරෙනවා."

මෙහිදී අදහස් දැක්වූ 43 සේනාංකයේ වෘත්තීය සමිති කටයුතු සම්බන්ධීකාරක චින්තක බණ්ඩාර මහතා;

" මහින්ද රාජපක්ෂ රට පාලනය කරන සියලුම අවස්ථාවල මේ සේවක භාරකාර අරමුදල සහ මෙවැනි සේවකයන්ට හිමි අරමුදල් සම්බන්ධයෙන් ගන්නා වූ ඉතා පහත් ප්‍රතිපත්ති මේක තමන්ගේ බූදලයක් හැටියට සලකලා තමන්ගේ අවශ්‍යතා වෙනුවෙන් මේ අරමුදල් පරිහරණය කිරීම මේක ඉතිහාසයේ අවස්ථා ගණනාවකදී සිද්ධ වුණා. ඒ වගේම මේ අරමුදල් හරහා ඔවුන්ගේ ව්‍යාපාර කටයුතු ප්‍රවර්ධනය කරගැනීමට අවස්ථා ගණනාවක උත්සාහ ගත්තා. මේ අවස්ථාවලදී අපි දන්නවා වෘත්තීය සමිති විදිහට මේ අරමුදලේ සාමාජිකයන් විදිහට සටන් වැදිලා සේ තමන්ගේ පූජා කරපු සේවක සහෝදරවරු ඉන්නවා."

"43 සේනාංකය නියෝජනය කරන වැඩ කරන ජනතාව සමග ඉන්න කණ්ඩායමක් විදිහට මේ බරපතල හානිය නතර කිරීම සඳහා මේ රටේ ඉදිරිපත් වන ඕනෑම කණ්ඩායමක් සමග අත්වැල් බැඳගෙන මේ අරමුදල් ආරක්ෂා කරගැනීම සඳහා පෙරමුණ ගන්නට. ඒ නිසා අපි ඉතාමත් ඕනෑකමින් රජයට, විශේෂයෙන්ම ජනාධිපතිවරයාට, ඒ වගේම මොළ හතක් තියාගෙන මේ රට ආර්ථික අගාධයට ක්‍රම ක්‍රමයෙන් තල්ලු කරන මුදල් ඇමතිවරයාට ඉතාමත් ඕනෑකමින් කියනවා. වහාම මේ පනත අහෝසි කරන්න. වහාම මේක ආපස්සට ගන්න. එහෙම නැත්නම් මේ රටේ මේ පනත නියෝජනය කරන සමස්ත වැඩකර පන්තිය සමඟ අපි මහ පාරට බහින්නට සූදානම්. අපි  ඒ සම්බන්ධයෙන් කැරලි ගහන්නට සූදානම්. ඒ නිසා තමන්ගේ තියෙන දැඩි ආර්ථික අහේනියට, මේ රටේ මහජනතාව සතු එහෙම නැත්නම් වැඩකරන පන්තිය සතු අරමුදල් මංකොල්ලකෑමේ ප්‍රතිපත්තිය වහාම නතර කරන්න"