බිබිල රෝහලේ රෝගියා මිය ගියේ ප්‍රතිකාර නොදීම හේතුවෙන්

බිබිල රෝහලේ රෝගියා මිය ගියේ ප්‍රතිකාර නොදීම හේතුවෙන්

බිබිල රෝහලේ රෝගියා මිය ගොස් ඇත්තේ රෝගියාට ප්‍රතිකාර ලබා නොදීම හේතුවෙන් බව රවී සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ කැදවුම්කරු රවි කුමුදේශ් මහතා පවසයි.

ඒ මහතා ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් පවසා සිටියේ අල්ට්‍රා සවුඩ් ස්කෑන් පරීක්ෂාව සිදු කරනු ලබන්නේ වර්ජිත වෘත්තීයවේදීන් නොවන බවත්, රෝගියා ප්‍රමාණවත් පහසුකම් නොමැතිව සිදු කිරීමේ වරද තීරණය ගත් අය භාර ගත යුතු වන අතර, බොරු ප්‍රචාර මගින් වර්ජනය මර්ධනය කිරීමට දරණ වෑයම හෙලා දකින බවයි.

තවද මෙම වැඩ වර්ජනය වළක්වා ගත හැකිව තිබූ  තිබූ බවත් එය වර්ජනයක් දක්වා ඉඩ හැරීම හේතුවෙන් ඇති වූ මහජන අපහසුතාවය පිළිබදව අපි සෞඛ්‍ය ලේකම්ට එරෙහිව නීති මාර්ගයෙන් කටයුතු කරන බවත්, මෙම වර්ජනයට උත්තර, සාකච්ඡාවකින් ගත හැකව තිබියදි මර්ධනය ගෙන එනවානම්, ඊට මුහුණ දෙන්න සූදානම් බවත් ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.