අපි සෞඛ්‍ය ලේකම්ට නඩු දානවා. මර්ධනයට මුහුණ දෙන්න අපි සූදානම්

අපි සෞඛ්‍ය ලේකම්ට නඩු දානවා. මර්ධනයට මුහුණ දෙන්න අපි සූදානම්
වලක්වා ගත හැකිව තිබූ වර්ජනය ක්‍රියාතිමක වීමට ඉඩ හැරීම හේතුවෙන් ඇති වූ මහජන අපහසුතාවය පිළිබදව අපි සෞඛ්‍ය ලේඛම්ට එරෙහිව නඩු දානවා. මාස තුනකට වැඩි කාලයක් තිස්සේ සෞඛ්‍ය වෘත්තීයවේදීන් 650000 කට අදාල ගැටලුවක් පිළිබදව සාකච්චා නොකට, වලක්වා ගත හැකිව තිබූ වරජනයක් හිතාමතාම වක්වා ගැනීමට කටයුතු නොකිරීමට එරෙහිව නිත්‍යයානූකූලව කටයුතු කිරීමට බලාපොරොත්තුවෙන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා වැඩබිම හා ප්‍රකාශ කළේය.
 

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් හෙතෙම සඳහන් කලේ,වර්ජනට පෙර සිටම සාකච්ඡාවකින් විසඳගත හැකිව තිබියදී මර්ධනය ගෙන එනවානම්, ඊට මුහුණ දෙන්න අප සූදානම් බවත්ය.

වැටුප් විෂමතා නිවැරදි කිරීම ඇතුලු කරුණු කිහිපයක් මුල්කරගනිමින් සෞඛ්‍ය වෘත්තිය සමිති ආරම්භ කළ අඛණ්ඩ වැඩ වර්ජන 06 වෙනි දිනටත් අද ක්‍රියාත්මකයි.සෞඛ්‍ය වෘත්තිය සමිති මෙලෙස වර්ජනයේ නිරත වන්නේ ඊට එරෙහිව කොළඹ දිසා අධිකරණය විසින් වාරණ නියෝග 02 ක් ද නිකුත් කර ඇති පසුබිමකයි.