ජා-ඇලට නව කම්කරු කාර්යාලයක්

nimal-siripala-de-silva

මේ රටේ වැඩ කරන පංතියේ ජනතාවගේ  ප්‍රශ්න පිළිබඳව අපේ රජය සංවේදී නිසා , වර්තමාන රජය ජනතාවට සවන් දෙන ආණ්ඩුවක් නිසා අධිභාර   බද්ද සේවක අර්ථසාධක අරමුදලින් ඉවත් කිරීමට හැකි වු බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ පසුගියදා  ජා ඇල කම්කරු කාර්යාලය විවෘත කිරීමේ උත්සවය අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඇමතිවරයා  කියා සිටියේ, සේවක අර්ථසාධක අරමුදලට අදාළව අධිභාර බද්ධ බද්ද පිළිබඳව ඊයේ අමාත්‍ය මණ්ඩලයේ පැවති සාකච්ඡාවේදී එම අධිභාර  බද්දෙන් මෙම සේවක අර්ථසාධක  අරමුදල සහ සේවා නියුක්තයන්ගේ භාර අරමුදල ඉවත් කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බව ය. ඒ පිළිබඳව අතිගරු ජනාධිපතිතුමාටත් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාටත් මේ රටේ කම්කරු ජනතාවගේ ප්‍රණාමය හිමි වන බව ඇමැතිවරයා පැවැසීය.

වෘත්තීය සමිති සහ වෙනත් සංවිධාන මෙම තේමාව පාරට ගේන්න සූදානම් වී සිටියත් අද ඔවුන්ගේ සටන් පාඨය රජය විසින් ව්‍යර්ථ කර ඇතැයි වෘත්තීය සමිති වලට වීදි සටන් අවුළුවන්න ඉඩ නොදී රජය කඩිනමින් මෙම ප්‍රශ්නය විසඳීම බුද්ධිමත් තීරණයක් බව ද ඇමතිතුමා පෙන්වා දුන්නේය.

කම්කරු දෙපාර්තමේන්තුවට අද මානව සම්පත් හිඟය ප්‍රධාන ගැටළුවක් වී ඇත. රාජ්‍ය පරිපාලන සේවයේ නිලධාරීන් සිව්දෙනකු පසුගියදා දෙපාර්තමේන්තුවට අනුයුක්ත කළ ද එයින් තිදෙනෙකු නැවත කැඳවා ඇති බවත් එම නිසා දැන් ඉතිරි වී ඇත්තේ එක් අයෙකු බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.  එසේම කම්කරු නිලධාරීන් බඳවා ගැනීමට අදාළ අයදුම් පත් කැඳවා ඇතත්, එම විභාගය තැබීමට නොහැකි වීමෙන් මෙතෙක් එම කම්කරු නිලධරයින් බඳවා ගැනීමට නොහැකි වී ඇති බව ඇමතිවරයා ඇමැතිවරයා පැවැසීය. ලඝු ලේඛිකා බඳවා ගැනීමට විභාගය පැවැත්වුවද එයින් බඳවා ගැනීමට විභාගය සමත් වුණේ එක් අයෙකි. කම්කරු අමාත්‍යංශයේ  ප්‍රධාන වගකීම වන්නේ  වෘත්තිය අයිතිවාසිකම් ආරක්ෂා කර දීම හා වැඩකරන ජනතාවට සුරක්ෂිත සේවාවක් පරිසරයක් ලබා දීම යි.එම නිසා මෙවැනි මානව සම්පත් හිඟයක් පැවතුන ද කම්කරු දෙපාර්තමේන්තුවේ කටයුතු අඩපණ වුව ද වැඩ කරන ජනතාවට උපරිම සේවය සලසා දීමට අපි ගාට ගාටා හෝ මෙම වැඩ ටික කළ යුතු බව අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

ජාඇල දිස්ත්‍රික් කම්කරු කාර්යාලය  මෙතෙක් පැවතියේ ඉතාමත් අඩු ඉඩ පහසුකම් සහිත සේවකයන් හා සේවාදායකයන්ට දැඩි පීඩාකාරී පරිසරයක් සහිත ස්ථානයකය. එම නිසා සේවාලාභීන් හා සේවකයන්ට යහපත් සේවා පරිසරයක් තුළ සිය කටයුතු කරගෙන යාමට පහසුවනු පිණිස  වඩා ඉඩ පහසුකම් සහිත  නව ස්ථානයකට  ජාඇල කම්කරු කාර්යාලය ස්ථානගත කළ බව  කම්කරු කොමසාරිස් ජෙනරාල් නීතිඥ ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා මෙහිදී පැවසීය.

මෙම අවස්ථාවට නලින් ප්‍රනාන්දු මහතා ද, කම්කරු අමාත්‍යංශ ලේකම් මාපා පතිරණ මහතා ද ,කම්කරු කොමසාරිස් ජෙනරාල් නීතිඥ ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා ද එක් වූවහ.