හිඟ වැටුප් නොලැබීම පිළිබඳ ප්‍රශ්ණය විසඳන ලෙස ඉල්ලයි

හිඟ වැටුප් නොලැබීම පිළිබඳ ප්‍රශ්ණය විසඳන ලෙස ඉල්ලයි

03/2016 (iv) චක්‍ර ලේඛනය අනුව වැටුප් වැඩිවීම හා හිඟ වැටුප් නොලැබීම පිළිබඳ ලංකා පිරිවෙන් ගුරුසේවා සංගමය අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත ලිපියක් යවමින් ඉල්ලා සිටින්නේ එය නිවැරිදි කරන ලෙසයි.

ඉහත චක්‍ර ලේඛනය පරිදි නිකුත්කරන ලද ඔබතුමාගේ ED/02/29/02/02/27 ලිපිය පරිදි පරිවේණාචාර්යවරුන්ට හා රජයේ අනුමත පෞද්ගලික පාසල් හා උපකෘත පාසල් ආචාර්යවරුන් වෙත ද වැටුප් සංශෝධනය කරන ලෙස උපදෙස් ලබාදී ඇත.

02. ඉහත උපදෙස් එසේ වුවත් පෙබරවාරී මසටද වැටුප් සකස් නොකරන ලද අවස්ථා රාශියක් අප සංගමයට වාර්තාවෙයි,

03. තවද ජනවාරි මස හිඟ වැටුප බොහෝ පරිවේණාචාර්යවරුන්ට සකසා නැති අතර පෙබරවාරි මස වැටුප පමණක් ගෙවා ඇත,

04. එකම පරිවේණස්ථානයේ සමාන තත්වයේ සිටින ගුරුවරුන්ගෙන් සමහර අයට වැටුප් සැකසී තවත් සමහරෙකුට සකස් නොවී ඇත,

05. මෙකී දුර්වලතා ඉවත්කර මාර්තු මස වැටුප නිවැරදිව ලබාදෙන ලෙස (සියලූ හිඟ වැටුප් සහිතව) අවශ්‍ය උපදෙස් කඩිනමින් කාලප කාර්යාල වෙත නිකුත්කරන ලෙස ඉල්ලා සිටිමු.