වෛද්‍ය පර්යේෂණ ආයතනයේ දිලීර පිළිබද වෛද්‍ය පරීක්ෂණ සිදුකරන අංශයේ විශේෂඥ වෛද්‍යවරිය විසින්, එම අංශයේ වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ නිළධාරීන්ට රාජකාරී කිරීමට ඉඩ ලබා නොදෙමින්, එම රසායනාගාරයේ කටයුතු සති තුනකට අධික කාලයක් තිස්සේ කඩාකප්පල් කර ඇති බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
එම නිවේනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, රට පුරා හමුවන සියළු දිලිර ආසාධිත යැයි සැක කරන රෝගීන්ගේ පරීක්ෂණ සිදු කිරීමට රට තුල ඇති එකම රසායනාගාරය මෙය වන අතර, මෙම බාධා කිරීම හේතුවෙන් රෝගීන් දහසකගේ පමණ පරීක්ෂණ සදහා යොමු කරන ලද නිදර්ශක ඉවත් කර දැමීමට සිදුව ඇත.
දිලීර රෝග සදහා ලබා ගන්නා ඇතැම් නිදර්ශක ඉතා අසීරුවෙන් ලබා ගන්නා ඒවා වන අතර, දිලීර රෝග ප්‍රතිකාරයක් ප්‍රමාදවීම මගින් වසර ගණනක ප්‍රතිකාර නැවත අපතේ යමින්, ප්‍රතිකාර නැවත වටයකින් ආරම්භ කිරීමට සිදුවන අතර, ඒ හේතුවෙන් රෝගීන් මරණයට පවා පත්විය හැක.
මෙම අංශය තුල වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ නිළධාරීන් 7 දෙනෙකු සේවය කරන අතර, එහි සිටි ඇතැම් නිළධාරීන් කුමන්ත්‍රණකාරී ලෙස ඉවත් කිරීම හේතුවෙන් ඇති වූ නිළධාරී හිඟය පියවා ගැනීමට, ගුවන් තොටුපල අනුක ජීවී රාසායනාගාරයෙන් අමතර නිළධාරීන් දෙදෙනෙකුද යොමු කිරීමට කටයුතු කර ඇත. එම අංශයට යම් රසායනාගාර විද්‍යාඥ හිඟයක් පැවතියද, දැනට පවතින පරීක්ෂණ ප්‍රමාණය සිදු කිරීමේ වගකීම එම නිළධාරීන් විසින් නොපිරිහෙලා ඉටු කරමින් තිබියදී, විශේෂඥ වෛද්‍යවරියගේ බාධා කිරීම හේතුවෙන් හා සෞඛ්‍ය අමාත්‍යාංශයට ඇයගේ නොමනා හැසිරීම පාළනය කර ගැනීමට නොහැකි වීම හේතුවෙන් සති තුනක කාලයක් තිස්සේ මෙම අංශයේ පරීක්ෂණ කටයුතු කිසිවක් සිදු කල නොහැකි තත්වයට පත්ව ඇත.
මේ පිළිබදව සාකච්ඡා කිරීම සදහා සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් සහ රසායනාගාර සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයාගෙන් අවස්ථා ගණනාවකදීම අප ඉල්ලීම් කලද, විශේෂඥ වෛද්‍යවරියට ඇති බිය හේතුවෙන් ඔවුන් එය මඟහරිමින් සිටී. වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂකවරයාට එම තත්වය පාලනය කරගැනීමට කිසිඳු හැකියාවක් නොමැති අතර, විශේෂඥ වෛද්‍යවරියේගේ අවුල් සහගත මනෝභාවයට අනූව සමස්ත සේවාව යටපත් කර, රෝගීන්ගේ අවශ්‍යතාවයන් වගකීම් විරහිතව නොසලකා හැර ඇත.
මෙම තත්වය හේතුවෙන් කොවිඩ් රෝගීන්ගේ ජීවිත ආරක්ෂාව සදහා ඉතා වැදගත් පරීක්ෂණයක් වන 'ග්ලැක්ටෝමෙනම්' පරීක්ෂණය සදහා යොමු කල නිදර්ශක 300කට අධික ප්‍රමාණයක් සදහා වාර්ථා ලබා දීමට නොහැකි වී ඇති අතර රෝගීන්ට ඉතා වේදනා සහිතව ඇස, පිට කොන්ද, දණහිස, හා අභ්‍යන්‍තර අවයව විනිවිද යමින්, ශල්‍යකර්ම මගින් එකතු කර ගන්නා නිදර්ශක සියයක් පමණ ප්‍රමාණයක්ද අපතේ යන තත්වයකට පත්ව තිබේ.
සෞඛ්‍ය සේවාවේ වැඩවර්ජන කාලයන් තුලදී පවා එම පරීක්ෂාවන්ට බාධා ඇති නොවන සේ ස්වේච්ඡා සේවාවන් සපයමින් රෝගීන් ආරක්ෂා කර ඇති තත්වයක් යටතේ, එක් විශේෂඥ වෛද්‍යවරියක්ගේ මානසික ගැටලුවක් විසදා ගැනීමට නොහැකිව, මෙලෙස රෝගීන් අනාරක්ෂාවට පත් කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශ පරිපාලනයේ දුර්වලතාවයට කදිම නිදසුනකි. එම අංශයේ සේවය කරණු ලබන වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ නිළධාරීන්ට සිය රාජකාරි ඉටු කිරීමට එරෙහිව විශේෂඥ වෛද්‍යවරිය විසින් සිදු කරනු ලබන බාධාවන් ඉවත් කරන්නේනම්, ඇයගේ සහයෝගය ඇතුව හෝ නැතිව මෙම පරීක්ෂණ සිදු කිරීමේ වගකීම භාර ගත හැකිය. කිනම් අවිචාරවත් හැසිරීමකදී වුවද, සෞඛ්‍ය අමාත්‍යාංශ නිළධාරීන් තම වර්ගයා හා හිතෛෂීන් ආරක්ෂා කිරීමේ පිලිවෙතක කටයුතු කිරීම හේතුවෙන්, මහජනතාවගේ ආරක්ෂාව සහ අවශ්‍යතාවය නොසලකා හැර ඇත.
ඉවත් දැමීමට සිදුව ඇති නිදර්ශක සහ පරීක්ෂණ වර්ග
