සෞඛ්‍ය අමාත්‍යවරයා එකගවූ ඉල්ලීම් පිළිබද ගනු ලැබූ ක්‍රියාමාර්ග කිසිවක් පිළිබදව මේ වනතෙක් අප සම්මේලනය දැනුවත් කර නොමැති බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ තම ඉල්ලීම්වලට සාධාරණ ප්‍රතිචාරයක් නොදැක්වුවහොත් නැවත වරක් මාර්තු 02 හා 03 දින සිට වර්ජයකට යාමට සිදුවන බවයි.
එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, වැටුප් විෂමතාවය සහා අතිකාල හා නිදර්ශක දීමනා ගැටලුව පිළිබදව ජනාධිපතිවරයාගේ මැදිහත්වීම ඉතා අත්‍යාවශ්‍යව පවතින අතර, ඉතා පහසුවෙන් විසඳිය හැකි ගැටළුවක් වන පරිපූරක වෛද්‍ය හා අතුරු වෛද්‍ය සේවාවන් සදහා අධ්‍යක්ෂක තනතුරු දෙකක් නිර්මාණය කිරීම පිළිබඳවත්, අමාත්‍ය මණ්ඩලය අනුමත කර ඇති 5/7 උසස්වීම් සඳහා මෙතෙක් චක්‍රලේඛයක් නිකුත් නොකිරීමත් මඟින්, සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය වලක්වා ගැනීම සදහා සද්භාවයෙන් යුතුව කටයුතු කර නොමැත.
මෙම වර්ජන ක්‍රියාමාර්ගය මාර්තු 2 සහ 3 දිනයන්හීදි දිවයිනේ සියළු රෝහල් හී පැවැත්වෙන අතර හදිසි හා අත්‍යාවශ්‍ය ඉල්ලීම් ලැබෙන පරිදි සේවාව ලබාදීමට කටයුතු කරනු ලැබේ.
අත්‍යවශ්‍ය ප්‍රතිකාර පිළිබදව සැලකිල්ලට ගනිමින් සියළු ළමා රෝහල්, මාතෘ රෝහල්, පිළිකා රෝහල්, වකුගඩු රෝහල් ද, බෝවන රෝග විද්‍යාතනය, අංගොඩ, මානසික සෞඛ්‍ය විද්‍යාතනය, මධ්‍යම ලේ බැංකුව තුල මෙම වර්ජනය ක්‍රියාත්මක නොකිරීමටද අප සම්මේලනය තීරණයකොට ඇත.
කෙසේ නමුත් උක්ත දින දෙක තුලදීත් සාධාරණ විසඳුමකට ඒමට අපොහොසත් වුව හොත් මාර්තු 10 වෙනිදායින් පසුව එළඹෙන ඕනෑම දිනයකදී නැවත නොදන්වා අඛණ්ඩ අත්හිටවු අඛණ්ඩ වර්ජනය යලි ඇරඹීමටද සම්මේලනයේ විධායක සභාව ඒකමතිකව තීරණය කොට ඇත.
වර්ජනයට අදාල ප්‍රධාන ඉල්ලීම්
- ශ්‍රී ලංකා සුදුසුකම් රාමුවට ගැලපෙන පරිදි පරිපූරක වෛද්‍ය, හෙද හා අතුරු වෛද්‍ය සේවාවන්හී වැටුප් විෂමතාවය ඉවත් කිරීම.
- අමාත්‍ය මණ්ඩලය අනුමත කර ඇති පරිදි 5/7 උසස්වීම් සදහා චක්‍රලේඛය නිකුත් කිරීම හා එය පෙර දාතම කිරීම
- පරිපූරක වෛද්‍ය, අතුරු වෛද්‍ය හා හෙද සේවා සදහා අධ්‍යක්ෂක තනතුරු සහ නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල් තනතුරු ඇති කිරීම
- අතිකාල හා වසර 23කින් වැඩි නොකල නිදර්ශක දීමනා පිළිබද වැඩි කිරීම සදහා එකගවූ පරිදි කටයුතු කිරීම
සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය විසින අමාත්‍යවාරයා වෙත යවන ලද ලිපිය පහතින් දැක්වේ.