C190 අපරානුමත කර ගැනීමේ වැදගත්කම ගැන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කරයි

C190 අපරානුමත කර ගැනීමේ වැදගත්කම ගැන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කරයි

ILO C190 සම්මුතිය ශ්‍රී ලංකාව තුළ අපරානුමත කිරීම සඳහා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් (දෙමළ මාධ්‍ය) දැනුවත් කිරීමේ අරමුණින් C190 සම්මුතිය අපරානුමත කර ගැනීම සඳහා වූ වෘත්තීය සමිති සන්ධානය විසින් සංවිධානය කරනු ලැබූ වැඩමුළුවක් පසුගිය 25 වෙනි දින බත්තරමුල්ල Waters edge හෝටල් ශ්‍රවනාගාරයේදී පැවැත්විනි.

මේ අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම්, රාධා ක්‍රිෂ්නන් ,මුජිබුර් රහුමාන්,මනෝ ගනේෂන්,උදය කුමාර්, වේලු කුමාර් ,අරවින්ද් කුමාර් යන මන්ත්‍රීවරුන් සහභාගි වූහ.

DSC03957

මෙම වැඩමුළුව සඳහා ප්‍රධාන දේශකයින් ලෙස කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ ජේෂ්ඨ කථිකාචාර්ය මහාචාර්ය වී.සර්වේෂ්වරන් මහතා සහ පේරාදෙණිය  විශ්ව විද්‍යාලයේ බාහිර කථිකාචාර්ය,කම්කරු නීති උපදේශිකා ජේෂ්ඨ නීතිඥ ශ්‍යාමලී රණරාජා මහත්මිය සම්බන්ධ වී සිටිය අතර ප්‍රධාන දේශනයන් වලදී C190 සම්මුතිය ලංකාව තුළ අපරානුමත කිරීමේ වැදගත්කම සහ ඒ තුළින් වැඩ ලෝකය තුළ සිදුවෙන හිංසනයන් හා ප්‍රචණ්ඩත්වයෙන් සේවකයින් ආරක්ෂා වීමේ යාන්ත්‍රණය සම්බන්ධයෙන් කරුණු රැසක් සාකච්ඡා කරන ලදී.

DSC03963

DSC03990



වැඩබිම තවත් පුවත් කියවන්න..



තවද,ලෝක කම්කරු සංවිධානය මඟින් නිකුත්කර ඇති කම්කරු නිර්දේශ සම්බන්ධයෙන් ද, C190 ලංකාව තුළ අපරානුමත කර ගැනීමේ අවශ්‍යතාවය සම්බන්ධයෙන් ද, රැකියා ස්ථානයේ ප්‍රචණ්ඩත්වය සහ හිරිහැර පිළිබඳ නීතිමය රාමුව පිළිබඳවත්,නීතිය ක්‍රියාත්මක කිරීමේ ඇති ප්‍රායෝගික ගැටළු සම්බන්ධයෙන්ද ලෝකය පුරා නිදර්ශන ඉදිරිපත් කරමින් ඉතාමත් වැදගත් සාකච්ඡාවක් මහාචාර්ය වී.සර්වේෂ්වරන් මහතා විසින්  සිදුකරන ලදී.

ජේෂ්ඨ නීතිඥ ශ්‍යාමලී රණරාජා මහත්මිය විසින් C190 සම්මුතිය අපරානුමත කර ගැනීම වැඩ ලෝකය තුළ සමස්ත කම්කරුවන්ට ප්‍රායෝගිකව වැදගත්වෙන ආකාරයත් එය අපරානුමත කර ගැනීමේ ක්‍රියාවලිය සහ ඉන් ලැබෙන ප්‍රතිඵල සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන ලදී.

මේ අවස්ථාව සඳහා C190 අපරානුමත කිරීමේ වෘත්තීය සමිති සන්නාධනය වෙනුවෙන් නිදහස් වෙළෙඳ කලාප සහ පොදු සේවා සේවක සංගමයේ සමලේකම් ඇන්ටන් මාකස්, සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ්, ලංවසේස ප්‍රධාන ලේකම් රොබට් ෆ්‍රැන්සිස්, සමස්ත ලංකා රාජ්‍ය කළමනාකරණ සේවා නිලධාරි සංගමයේ සභාපති උදේනි දිසානායක, ජාතික වෘත්තීය සමිති පෙරමුණේ ප්‍රධාන සංවිධායක තමරා දයානි හා ජාතික කම්කරු සංගමයේ සරස්වතී සිවගුරු යන මහත්ම මහත්මීන් සහ මාධ්‍ය ආවරණය කිරීම සඳහා දෙමළ විද්‍යුත් මාධ්‍ය සහ ප්‍රධාන මාධ්‍ය රැසක මාධ්‍යවේදීන් සහභාගි වූහ.

DSC03926

DSC03979 

DSC03998

DSC03938