යුක්රේන ජාතිකයින් නොමිලේ රැකබලා ගන්න ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් සූදානම්

යුක්රේන ජාතිකයින් නොමිලේ රැකබලා ගන්න ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් සූදානම්

යුද බිය අවසන් වන තෙක් රැකබලා  ගැනීමට තමන් ඇතුළු තම සංවිධායකයින් සුදානම් බව අචාර්ය ඕමල්පේ සෝභිත නායක ස්වාමින් වහන්සේ (28) දින මාධ්‍ය හමුවකදී පවසා සිටියේය. උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කලේ, අපි යුක්රේන හිතවතුන්ට අපි කරුණාවෙන් දන්වා සිටිනවා. ඔබට පිහිට වන්න අප සූදානම්.  අඹිලිපිටිය බෝධීරාජ පදනම්, අඹිලිපිටිය ස්ටෝර් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, අඹිලිපිටිය මිතුරන්ගේ සංගමය, ලාල් පෙරේරා ඇතුළු පිරිස, එකතු වෙලා අපි මෙහෙයයුම් කරනවා. වෛද්‍යමය පහසුකම් ලබාදීමට ඉදිරිපත් වෙනවා, වෛද්‍ය සහ සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෘත්තීය සමිති සන්ධානය වෛද්‍ය ප්‍රතිකාර ඇතුළු පහසුකම් සලස්වන්න. සියලු ශ්‍රී ලංකිකයන් වෙනුවෙන් මෙම සමාජ සත්කාරය කරන්නය අපි සුදානම් වෙනවා.

රැසියාව හා යුක්රේනය අතර ඇවිලෙමින් පවත්නා යුද ගින්න මුල්කරගෙන ශ්‍රී ලංකාවට සංචාරකයින් හැටියට පැමිණි යුක්රේණියන් ජාතිකයින් විශාල පිරිසක් පැමිණි සිටිනවා. අපි දැක්කා මාධ්‍ය මගින් යුක්රේන ජාතිකයින් ඉතා දුක්වේදනාවෙන් කරනු ලබන ඉල්ලීම්. ඒ නිසා ඔවුන්ට ගමරටට යන්න අවස්ථාව සැලසේනනේ නැ.  නොදන්නා වූ කාලයක් මෙහි රැඳී සිටින්නට සිදුවෙනවා. මේ කාලය තුළ අපට වියදම් කරන්න සල්ලිත් නෑ. කරුණාකර අපට උදව් කරන්න කියල කරන ඉල්ලීම අපට මාධ්‍යෙයන් දැක්කා. එය අපගේ හිත් කම්පා කරවන සුළු ඉල්ලීමක්.

ඒ නිසා අපි ඉල්ලා සිටිනවා ශ්‍රී ලාංකිකයින්ගෙන් යුක්රේන ජාතිකයින් පහත සඳහන් දුරකතන අංක වලට අමතා යොමු කරන ලෙස ඉල්ලා සිටියේය.

0762664674 හෝ 0765306666