ඉන්ධන අර්බුදයෙන් දුම්රිය ධාවනයයත් නවතී ?

ඉන්ධන අර්බුදයෙන් දුම්රිය ධාවනයයත් නවතී ?
  • සීමා නොකළහොත් සමස්ත දුම්රිය ධාවනයම එකවර ඇණහිටින්න පුළුවන්

රටේ උද්ගතව ඇති තෙල් අර්බුධය හමුවේ ඉදිරියේදී දුම්රිය ධාවනයේ යම්කිසි සීමා කිරීමක් සිදුවිය හැකි බව දුම්රිය ලොකොමොටිව් රියදුරන්ගේ සංගමය පවසයි.

මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ ලේකම් ඉන්දික දොඩම්ගොඩ මහතා පැවසුවේ ඉදිරි දින 03 සදහා ප්‍රමාණවත් ඉන්ධන තොග පමණක් මේ වනවිට දෙපාර්තමේන්තුව සතුව පවතින බවයි.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ ඉන්දික දොඩම්ගොඩ මහතා….

මේ වන විට රටේ උද්ගතවෙලා තියෙන ඛනිජ තෙල් සම්බන්ධ අර්බුදයත් එක්ක ඉදිරියේදී දුම්රිය ධාවනයත් සීමා වෙන්න පුළුවන් කියන එකයි අපිට කියන්න තියෙන්නේ.

ඛනිජ තෙල් සැපයුම තාමත් විධිමත්ව සිදුවෙලා නැති නිසා විශේෂයෙන්ම දුම්රිය දෙපාර්තමේන්තුවටත් ඒ තෙල් ලැබීම ප්‍රමාදවෙමින් පවතිනවා.

දැනට දවස් දෙක තුනකට පමණක් තමයි තවදුරටත් ඛනිජ තෙල් ඉතිරි වෙලා තියෙන්නේ දුම්රිය ධාවනය කිරීමට.

මේ තත්ත්වය තුළ ඉදිරියේදී යම් සීමා කිරීමකට යන්න වෙයි කියලා තමයි අපි පෙන්වලා දීලා තියෙන්නේ.

එහෙම නැති වුනොත් සමස්ත දුම්රිය ධාවනයම එකවර ඇණහිටින්න පුළුවන්. මේ නිසා යම් සීමා කිරීමක් කරලා දුම්රිය ධාවනය කරන්න කියලා අපි දුම්රිය සාමාන්‍යාධිකාරිතුමා ඇතුළු බලධාරීන්ට යෝජනා කරලා තියෙනවා.

ඒ අවශ්‍ය තෙල් ලබාගන්න පුළුවන් ආකාරයට, අවශ්‍ය කටයුතු කරන්න වෙනවා.

ඒ සම්බන්ධයෙන් අපි අදාළ බලධාරීන්ගෙන් අපි සාකච්ඡා කරනවා.

(aruna)