විශ‍්‍රාම යාමේ වයස 65 කිරීම - රාජ්‍ය සේවයට බලපාන්නේ කෙසේද?

විශ‍්‍රාම යාමේ වයස 65 කිරීම - රාජ්‍ය සේවයට බලපාන්නේ කෙසේද?

2022 අය-වැය යෝජනාවලියේදී ගරු මුදල් අමාත්‍යවරයා විසින් අය-වැය කතාවේ 5.4.11 යටතේ රාජ්‍ය නිලධාරින්ගේ විශ‍්‍රාම යාමේ වයස අවුරුදු 65 දක්වා දීර්ඝ කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුව විසින් සම්මත කර ගන්නා ලදී.

එමෙන්ම මේ සඳහා වන අමාත්‍ය මණ්ඩල අනුමැතියද 2022.01.03 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැුස්වීමේදී ගන්නා ලදී. ඒ අනුව රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් 2022.01.06 දිනැතිව නිකුත් කරන ලද රාජ්‍ය පරිපාලන චක‍්‍රලේඛ අංක 02/2022 අනුව 2202.01.01 දින සිට මෙම දීර්ඝ කිරීම ක‍්‍රියාත්මක වේ.

පසුගිය වසරේ අවසන් භාගයේ වෘත්තීය සමිති විශාල සංඛ්‍යාවක් මේ පිළිබද දැඩි විවේචන ආණ්ඩුවට එල්ල කලද පවතින මූල්‍ය අර්බුද හමුවේ ආණ්ඩුවේ ක‍්‍රියා කලාපය එලෙසින් ක‍්‍රියාත්මක වන බවත් පෙනෙන්නට ඇත.

රාජ්‍ය සේවයේ බොහෝ විට උසස්වීම් සම්බන්ධව පවතින ගැටළුකාරී තත්වයන් කරලියට නොආවත් මෙම තත්වය හමුවේ බොහෝ නිලධාරීන්ගේ උසස්වීම් සීමාවන තත්වයට පත්වන බව රහසක් නොවේ. ඔවුන් ඒ සම්බන්ධව දැඩි කලකිරීමෙන් පසුවේ. එමෙන්ම රාජ්‍ය රැුකියා බලාපොරොත්තුවෙන් සිටින විශාල පිරිසකට මෙමගින් දොරගුළු වැසෙන තත්වයක්ද ඇති වන බව කිව යුතුය.

මුදල් අමාත්‍යවරයා රාජ්‍ය සේවය රටට බරක් යැයි ප‍්‍රකාශ කරමින් විශාල වශයෙන් පිරිස් රාජ්‍ය සේවයට එකතු කර රාජ්‍ය සේවයද දේශපාලීකරණය කර ඇත. අනවශ්‍ය ලෙස රාජ්‍ය සේවයට පිරිස් ඇතුළු කිරීම තුල විශාලම බලපෑම ඇත්තේ කළමනාකරණ සේවයටය. එසේම එම බර දැරීමට සිදුවන්නේ මේ රටේ බදු ගෙවන අහිංසක ජනතාවටය. කෙසේ නමුත් ආණ්ඩුවල පැවැත්ම ආරක්ෂා කර ගැනීම සඳහා ගනු ලබන මෙවැනි තීන්දු තීරණ පිළිකුලින් හෙලා දැකිය යුතුය.

(panhida)