සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ වර්ජනය තාවකාලිකව අත් හිටුවේ

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ වර්ජනය තාවකාලිකව අත් හිටුවේ

සෞඛ්‍ය සේවාවන් පෞද්ගලික අංශය වෙත යැවීමෙන් ලැබෙන කොමිස් මුදල සහ වෙනත්  වරදාන, සංකේත වර්ජන ක්‍රියාමාර්ග සදහා සෞඛ්‍ය අමාත්‍යාංශය දිගින් දිගටම ප්‍රතිචාර නොදැක්වීමට හේතුවක් වී ඇති අතර, ඒ හේතුවෙන් ඇතැම් සෞඛ්‍ය බලධාරීන් වුවමණාවෙන්ම වර්ජන ඇති කිරීමට පොළඹවන තත්වයක් ද ඇතිව තිබේ.

මේ පිළිබදව දැඩි අවධානය යොමු කරමින් ආරම්භ කරන ලද වර්ජනය තවදුරටත්අ ඛණ්ඩවම සිදුකරනවාද යන්න තීරණය කිරීම සදහා සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ විශේෂ විධායක සභාව අද උදෑසන රැස්වීය.

කෙසේ නමුත් ඊයේ(03) රාත්‍රියේදී සෞඛ්‍ය ලේකම්වරයා හදිසි සාකච්චාවක් කැදවා දැක්වූ ප්‍රතිචාරයද සැලකිල්ලට ගනිමින්ද, විදුලිය හා තෙල් අර්බුධය හේතුවෙන් මහ ජනතාව ලක් වී ඇති පීඩාවද සැලකිල්ලට ගනිමින් වර්ජන ක්‍රියාමාර්ග හෙට උදෑසන 8.00 සිට, දින දහයකට තාවකාලිකව අත්හිටුවීමට තිරණය කරන ලදී.

එසේම එකම කාරණයක් සදහා ඉල්ලීම් කරන පාර්ශව අතුරින්, තම දේශපාලන හිතෛෂී සංගම් පමණක් කැදවමින් විවිධ තීරණ ගැනීම ආණ්ඩුවේ විලාසිතාවක් බවට පත් වී ඇති අතර, වෘත්තීය සමිති වලට ඇති ස්වාධීන බවට එරෙහිවන එම ප්‍රතිපත්තිය අප තරයේ හෙලා දකිමු. එමගින් ගැටලු විසදීමට ඇති හැකියාව තවදුරටත් අවුල් සහගත තත්වයට පත්ව තිබෙන අතර, එම ක්‍රමවේදය නිවැරදි කරන ලෙස දැඩිව ඉල්ලා සිටිමු.

රවී කුමුදේශ්, කැදවුම්කරු, සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය