ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමයේ ජාතික රෝහල් ශාඛාව අද (3) පස්වරුවේ කොළඹ ජාතික රෝහල ඉදිරිපිට දී උද්ඝෝෂණයක නිරත වූහ.
රාජ්‍ය , අර්ධ රාජ්‍ය , පෞද්ගලික , සේවක වැටුප රුපියල් පහළොස් දහසකින් වැඩි කරන ලෙසත් සතියේ වැඩ කරන්න අමතර පැය අටට වැටුපෙන් 1/30 ක දීමනාවක් ලබා දෙන ලෙසත් , රෝගීන්ට සියලු ඖෂධ ලබා දෙන ලෙසත් , අයවැයෙන් පොරොන්දු වූ රුපියල් 15,000 නිල ඇඳුම් දීමනාව වහා ලබා දෙන ලෙසත් , ඇතුළු තවත් ඉල්ලීම් රැසක් මුල් කරගනිමින් ඔවුහු මෙම විරෝධතාව සංවිධානය කර තිබිණි.
රෝහල් කණිෂ්ඨ කාර්ය මණ්ඩලය ඇතුළු සෞඛ්‍ය සේවකයින්ගේ ගැටළු විසඳන ලෙස ඉල්ලයි
ඉල්ලීම් කිහිපයකට විසඳුම් ඉල්ලා සෞඛ්‍ය සේවකයින් වෘත්තීය ක්‍රියාමාර්ගයකට සූදානමක්

