සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ වර්ජනය දින 10කට තාවකාලිකව අත් හිටුවයි

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ වර්ජනය දින 10කට තාවකාලිකව අත් හිටුවයි
සෞඛ්‍ය සේවාවන් පෞද්ගලික අංශය වෙත යැවීමෙන් ලැබෙන කොමිස් මුදල සහ වෙනත්  වරදාන, සංකේත වර්ජන ක්‍රියාමාර්ග සදහා සෞඛ්‍ය අමාත්‍යාංශය දිගින් දිගටම ප්‍රතිචාර නොදැක්වීමට හේතුවක් වී ඇති අතර, ඒ හේතුවෙන් ඇතැම් සෞඛ්‍ය බලධාරීන් වුවමණාවෙන්ම වර්ජන ඇති කිරීමට පොළඹවන තත්වයක් ද ඇතිව තිබෙන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා වැඩබිම හා ප්‍රකාශ කළේය.
 
rawi
 

මේ පිළිබදව දැඩි අවධානය යොමු කරමින් ආරම්භ කරන ලද වර්ජනය තවදුරටත්අ ඛණ්ඩවම සිදුකරනවාද යන්න තීරණය කිරීම සදහා සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ විශේෂ විධායක සභාව අද උදෑසන  රැස්වූ නමුත් ඊයේ රාත්‍රියේදී සෞඛ්‍ය ලේකම්වරයා හදිසි සාකච්චාවක් කැදවා දැක්වූ ප්‍රතිචාරයද සැලකිල්ලට ගනිමින්ද, විදුලිය හා තෙල් අර්බුධය හේතුවෙන් මහ ජනතාව ලක් වී ඇති පීඩාවද සැලකිල්ලට ගනිමින් වර්ජන ක්‍රියාමාර්ග හෙට උදෑසන 8.00 සිට, දින දහයකට තාවකාලිකව අත් හිටු වීමට තිරණය කළ බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.



වැඩබිම තවත් පුවත් කියවන්න...


එසේම එකම කාරණයක් සදහා ඉල්ලීම් කරන පාර්ශව අතුරින්, තම දේශපාළණ හිතෛෂී සංගම් පමණක් කැදවමින් විවිධ තීරණ ගැනීම ආණ්ඩුවේ විලාසිතාවක් බවට පත් වී ඇති අතර, වෘත්තීය සමිති වලට ඇති ස්වාධීන බවට එරෙහිවන එම ප්‍රතිපත්තිය අප තරයේ හෙලා දකිමු. එමගින් ගැටලු විසදීමට ඇති හැකියාව තවදුරටත් අවුල් සහගත තත්වයට පත්ව තිබෙන අතර, එම ක්‍රමවේදය නිවැරදි කරන ලෙස දැඩිව ඉල්ලා සිටින බවත් රවී කුමුදේශ් මහතා මෙහිදී පැවසීය.