දුම්රිය ටිකට් ගණන් උස්සනවාට ස්ථානාධිපතිලා විරුද්ධයි

දුම්රිය ටිකට් ගණන් උස්සනවාට ස්ථානාධිපතිලා විරුද්ධයි
දුම්රිය ප්‍රවේශපත් ගාස්තුව ඉහළ දැමීමේ යෝජනාවට ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය, සිය විරෝධය පළකරන බව  එම සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර ජයසේකර පවසයි.
 
දුම්රිය දෙපාර්තමේන්තුව පාඩු ලබන තත්ත්වයකට පත් කර ඇත්තේ දුම්රිය දෙපාර්තමේන්තුවේ පාලනාධිකාරියේ පරිපාලන  දුර්වලතාවයන් බවත්, අසාමාන්‍ය ලෙස අතිකාල ගෙවීම් මෙන්ම නීතිවිරෝධී ලෙස අතිකාල ගෙවීම් වැනි දුෂණ දෙපාර්තමේන්තුව තුළ ඇති බවත් ජයසේකර මහතා සඳහන් කරයි.
 
දුම්රිය සතු ඉඩම් බදුදීමේදී නිසි ආකාරයට බදු ලබානොදීම හා එම මුදල් අය කිරීමට නිසි ක්‍රමවේදයක් සකස් නොකිරීම ආදි හේතුන් මත දුම්රිය දෙපාර්තම්නේතුව වෙත උපයා ගත හැකි  අදායම් මාර්ගයන් පිළිබඳව අවධානය යොමු නොකිරීම මෙම අර්බුදය තීව්‍ර කර ඇති බව හෙතෙම අවධාරණය කළේය.
 
එබැවින්  මෙසේ දුම්රිය මගියා වෙත තවත් බර පැටවීමට දුම්රිය පාලනාධිකාරිය කටයුතු කරමින් සිටීම තම  සංගමය අනුමත නොකරන බව ද කසුන් චාමර වැඩිදුරටත් කියා සිටියේය.