රටේ අර්බූදය ගැන ඇමෙරිකනු තානාපතිනිය හා රනිල් වික්‍රමසිංහ සමග සාකච්ඡා  

රටේ අර්බූදය ගැන ඇමෙරිකනු තානාපතිනිය හා රනිල් වික්‍රමසිංහ සමග සාකච්ඡා  

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකාවේ ඇමෙරිකනු තානාපතිනිය ලෙස අලුතින් පත්වූ ජුලි චන්ග් මහත්මිය අතර  (21) දින හමුවක් පැවැත්වුණි.

ඒ කොළඹ කොල්ලුපිටියේ පිහිටි, හිටපු අග්‍රාමාත්‍යවරයාගේ පෞද්ගලික නිවසේදී ය.

ඇමරිකානු තානාපතිනිය එහිදී හිටපු අගමැති සමඟ පැයකට ආසන්න කාලයක් සාකච්ඡාවේ යෙදී සිටි බව ශ්‍රී ලංකා වාර්තා වේ.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් තානාපතිනිය පවසා ඇත්තේ ඕනෑම යහපත් ප්‍රජාතන්ත්‍රවාදයක් සඳහා විචිත්‍රවත් දේශපාලන විපක්ෂයක පැවැත්ම අත්‍යවශ්‍ය බවයි.

වත්මන් ආර්ථික අභියෝග සඳහා තිරසාර විසඳුම් සෙවීමට ඇමෙරිකාව හා ශ්‍රී ලංකාවට එකට ක්‍රියාකළ හැකි ආකාරය පිළිබඳව සාකාච්ඡා කිරීමට තමාව හමුවීම පිළිබඳව, ඇමෙරිකානු තානාපතිවරිය වික්‍රමසිංහ මහතාට ස්තූතිය පුද කර තිබේ.