විසදුම් ප්‍රමාද කිරීමට එරෙහිව දකුණු පළාත් රෝහල් ඉදිරිපිට විරෝධතා (Photo)

mlt

සෞඛ්‍ය වෘත්තීයවේදීන් විසින් ආරම්භ කළ වර්ජනය අත්හිටවූ මොහොතේ සිට සෞඛ්‍ය අමාත්‍යාංශය සිය කටයුතු අත්හැරීම හේතුවෙන් නැවත නැවත වර්ජන ඇතිවීම පිළිබදව සෞඛ්‍ය අමාත්‍යාංශය වග කිවයුතු  වන බවත්, රාජ්‍ය සේවා කොමිෂන් සභාව සෞඛ්‍ය සේවාවේ ගැටළු සදහා සංවේදී නොවීම, සෞඛ්‍ය අරගල වලට අදාල ප්‍රධාන හේතුවක් බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ කැඳවුම්කරු රවි කුමුදේස් මහතා “වැඩබිමට“ පවසා සිටියා.

ඒ හේතුවෙන් පහත ඉල්ලීම් මුල් කරගනිමින් පළාත් මට්ටමින් කරනු ලබන උද්ඝෝෂණ වලට ප්‍රතිචාර නැත්නම්, නැවත වර්ජන ක්‍රියාමාර්ග වෙත අවතීර්ණ වීමට සූදානම් බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ විධායක සභාව තීරණය කරණු ලැබ ඇති බව වැඩිදුරටත් සඳහන් කරනු ලැබීය.

  • ශ්‍රී ලංකා සුදුසුකම් රාමුව සැලකිල්ලට ගෙන, වැටුප් විෂමතාවය ඉවත් කිරීම සදහා අමාත්‍ය මණ්ඩල තීරණයට අනූව පත් කල යුතු අධ්‍යන කමිටුව මාසයක් තිස්සේ තවම පත් කර නැත.
  • කැබිනට් මණ්ඩලය අනුමත කල වසර 5/7 උසස්වීම් ක්‍රමයට අදාල චක්‍රලේඛය නිකුත් කිරීම සදහා රාජ්‍ය සේවා කොමිසමේ අනුමැතිය තව ලැබී නැහැ.
  • බදවා ගැනිමේ පටිපාටි සංශෝධනය කිරීම සදහා සෞඛ්‍ය ලේකම්වරයාගේ හා රාජ්‍ය සේවා කොමිශන් සභාව හිතාමතාම ප්‍රමාද කරමින් සිටිනවා.
  • අධ්‍යක්ෂක තනතුරු ඇති කිරීම සදහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා කමිටුවක් පත් කල බව වාර්ථා කලද, ඉන් ඔබ්බට කිසිවක් සිදු වී නැහැ.