සෞඛ්‍ය වෘත්තීයවේදීන් විසින් ආරම්භ කළ වර්ජනය අත්හිටවූ මොහොතේ සිට සෞඛ්‍ය අමාත්‍යාංශය සිය කටයුතු අත්හැරීම හේතුවෙන් නැවත නැවත වර්ජන ඇතිවීම පිළිබදව සෞඛ්‍ය අමාත්‍යාංශය වග කිවයුතු වන බවත්, රාජ්‍ය සේවා කොමිෂන් සභාව සෞඛ්‍ය සේවාවේ ගැටළු සදහා සංවේදී නොවීම, සෞඛ්‍ය අරගල වලට අදාල ප්‍රධාන හේතුවක් බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ කැඳවුම්කරු රවි කුමුදේස් මහතා “වැඩබිමට“ පවසා සිටියා.
ඒ හේතුවෙන් පහත ඉල්ලීම් මුල් කරගනිමින් පළාත් මට්ටමින් කරනු ලබන උද්ඝෝෂණ වලට ප්‍රතිචාර නැත්නම්, නැවත වර්ජන ක්‍රියාමාර්ග වෙත අවතීර්ණ වීමට සූදානම් බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ විධායක සභාව තීරණය කරණු ලැබ ඇති බව වැඩිදුරටත් සඳහන් කරනු ලැබීය.



