මිඩ්වයිෆ්ලා මාරාන්තික උපවාසය තාවකාලිකව අත්හරිති

මිඩ්වයිෆ්ලා මාරාන්තික උපවාසය තාවකාලිකව අත්හරිති

වසර 30 කටත් අධික සේවා කාලයක් සපුරන ලද පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ට විශේෂ ශ්‍රේණිය සඳහා වන උසස් කිරීම අත්හිටුවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය ගෙන තිබූ තීරණයට එරෙහිව පෙරේදා (31 වැනිදා) ආරම්භ කළ මාරාන්තික උපවාසය තාවකාලිකව නතර කර දැමූ බව රජයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ සංගමයේ සභාපතිනි දේවිකා කොඩිතුවක්කු මහත්මිය (01 වැනිදා) පැවසුවාය.



මිඩ්වයිෆ්ලා මාරාන්තික උපවසයක


ඊයේ දෙවැනි දිනයටත් සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට මෙම මාරාන්තික උපවාසය පැවැත්විණි. පසුව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ඇතුළු නිලධාරීන් සමග පැවැති සාකච්ඡාවකදී එකඟ වූ කරුණු කාරණා මත පස්වරු 3.00 ට පමණ තාවකාලිකව නතර කර දැමූ බවද ඇය සඳහන් කළාය.

(දිවයින)