මහාචාර්ය එස්. චන්ද්‍රෙස්කරන් දැයෙන් සමුගනී

prof-s-chandrasekaran

අධ්‍යාපනය පිළිබඳ මහාචාර්ය එස්. චන්ද්‍රසේකරන් මහතාගේ හදිසි අභාවය අධ්‍යාපන ක්ෂේත්‍රයට බරපතල පාඩුවක් බව ලංකා ගුරු සංගමය නිවේදනයක් නිකුත් කර කියා සිටී.

එම නිවේදනයෙන් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටින්නේ, අධ්‍යාපනය පිළිබඳ මහාචාර්ය එස්. චන්ද්‍රසේකරන් මහතා හදිසියේ අභාවයට පත්වීම මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයට බරපතල පාඩුවකි.  එස්. චන්ද්‍රසේකරන් මහතා කොළඹ විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය සම්බන්ධයෙන් මාහාචාර්යවරයෙකු ලෙස කටයුතු කළ අතර, මාක්ස්වාදී අධ්‍යාපන දර්ශනය සම්බන්ධයෙන් ප්‍රාමාණික බුද්ධිමතෙකු ද විය.

ලංකාවේ අධ්‍යාපනය සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය තීරණ ගන්නා ජාතික අධ්‍යාපන කොමිසමේ සාමාජිකයෙක් මෙන්ම රාජ්‍ය භාෂා කොමසාරිස් ධූරයේ ද ඔහු කටයුතු කර ඇත.

විශේෂයෙන් ලංකා ගුරු සංගමය සමග සමීපව කටයුතු කළ මහාචාර්ය එස්. චන්ද්‍රසේකරන් මහතා පසුගිය ගුරු-විදුහල්පති වැටුප් අරගලයේ දී කොන්දේසි විරහිතව ගුරු විදුහල්පතිවරුන්ට සහාය දැක්වීය. මහාචාර්ය චන්ද්‍රසේකරන් හැම විටම ගුරු විදුහල්පතිවරු දැනුවටත් කිරීමට කටයුතු කළ අතර, මෙරට පාලක පන්තීන් විසින් ගෙන එන ලද අත්තනෝමතික අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා සිය විරෝධය දක්වමින් කටයුතු කළේය. එසේම දෙමළ කතා කරන ජනයාගේ අධ්‍යාපන අයිතිය වෙනුවෙන් ද ඔහු හැම විටම පෙනී සිටියේය. එවැනි විද්වතෙකු අහමි වීම අධ්‍යාපන ක්ෂේත්‍රයට පිරිමැසිය නොහැකි පාඩුවකි.

අප අතරින් නික්ම යන මහාචාර්ය එස්. චන්ද්‍රසේකරන් මහතාට ලංකා ගුරු සංගමයේ විප්ලවීය ආචාරය !