කළු ඇඳගෙන ගුරුන් ඇවිත් පාසල් මුල විරෝධයේ

ceylon-teachers'-union

ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානයට අයත් සියලු ගුරුවරු ජනතාව පීඩාවට පත් නොකරන ලෙසත්, ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන ලෙසත්, ඉල්ලමින් අද (05) පාසල්වලට කළු ඇඳුමින් සැරසී පැමිණීමට තීරණය කර තිබේ.

එසේම ඉගැන්වීම් කාලය අවසන් වීමෙන් පසු සියලු පාසල් ඉදිරිපිට දී උද්ඝෝෂණ ද පැවැත්වීමට සැලසුම් කර තිබෙන බව එම සන්ධානය වෙනුවෙන් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් මහතා පැවසීය.

ලංකා ගුරු සේවා සංගමය, සමස්ත ලංකා එක්සත් ගුරු සංගමය, ජාතික විදුහල්පති සංගමය ඇතුළු ගුරු හා විදුහල්පති වෘත්තීය සංගම් තිහක් මෙම සන්ධානයට අයත්ය.

මෙම සන්ධානයේ මෙහෙයවීමෙන් හෙට (06) ද විරෝධතා පැවැත් වේ.

(ශ්‍රී ලංකා මිරර්)