කම්කරු සේවක ප්‍රජාවත් පාරට බසියි

කම්කරු සේවක ප්‍රජාවත් පාරට බසියි

රටේ ආර්ථිකය ගෙන ගිය පුද්ගලික අංශයේ සේවකයින්, හාම්පුතුන් අද මුහුණදී සිටින අර්බුදයට විසඳුම් ඉල්ලා උද්ඝෝෂණ මාලාවක් දියත් කරන බව කම්කරු දෙපාර්තමේන්තුවේ සේවක ප්‍රජාව පවසයි.

එහි පළමු විරෝධතා ව්‍යාපාරය පසුගියදා කම්කරු දෙපාර්තමේන්තුව ඉදිරිපිටදී පැවැත්විණි.

නිෂ්පාදන ක්‍රියාවලිය ගෙනයාමට විදුලිය, ඉන්ධන ආදී ලෙස සේවකයින්ට වැඩ කිරීමට මූලික අවශ්‍යයතා ඉටු කිරීමට ආණ්ඩුවට නොහැකිවී ඇති බවත්, මේ නිසා සේවකයින් මෙන්ම හාම්පුතුන්ද, දැඩි දුෂ්කරතාවන්ට ලක්ව ඇති බවත් ඔවුන් පෙන්වාදෙයි.

ඇඟලුම් ආදී ක්ෂේත්‍රවල රැකියා අහිමිවීම් බොහෝ දක්නට ලැබුණද, පාලකයින් ඔවුන්ගේ බලය රැක ගැනීමට, නිලධාරීන් තම තනතුරු රැක ගැනීමට සැලසුම් හදනු විනා අර්බුදය විසඳීමට උත්සාහ කරනු දකින්නට නොලැබෙන බව ඔවුන් සඳහන් කරයි.

සේවාලාභියා, සේවායෝජකයා දෙදෙනාම ආරක්ෂා කරගත හොත්, මහපාරේ යන සේවකයන් ආරක්ෂා වෙනු ඇති බවත්, අයිතිවාසිකම් වෙනුවෙන් පෙළගැසිය යුතු බවත් ඔවුන් අවධාරණය කරයි.