අප්‍රේල් 13, 14, 15, අවුරුදු දින විදුලි කප්පාදුවක් නෑ

අප්‍රේල් 13, 14, 15, අවුරුදු දින විදුලි කප්පාදුවක් නෑ

අප්‍රේල් මස් 13,14 සහ 15 යන දිනයන් හි විදුලි කප්පාදුවක් සිදුනොකරන බව මහජන උපයෝගිතා කොමිසම සඳහන් කරයි.

එම තීරණය වෙනස් කිරීමට බලාපොරොත්තුවක් නොමැති බව (11) දින මාධ්‍ය හමුවකට එක්වෙමින් එම කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය.

මේ අතර, අප්‍රේල් මස 16 වනදා සහ 17 වනදා උදෑසන 8ත් සවස 5ත් අතර පැය 2යි මිනිත්තු 15ක කාලයක් විදුලි කප්පාදුව සිදුකිරීමට නියමිතව තිබේ