ජන අරගලය ජයග්‍රහණය කරවීමට වෘත්තීය සමිති සටන් බිමට

ජන අරගලය ජයග්‍රහණය කරවීමට වෘත්තීය සමිති සටන් බිමට

රට පුරා සියළු වෘත්තීය සමිති ඒකාබද්දව අප්‍රේල් 20 වැනිදා ජාතික විරෝධතා ව්‍යාපාරයක් ලෙස නම් කරමින් මහජනතාව සමග රට පුරා උද්ඝෝෂණය කිරීමට හා සතියක හර්තාලයක් සහ ඒකාබද්ධ වැඩ වර්ජනයක් කිරීමට තීරණය කර ඇති බව වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකමුතුව විසින් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

ඒ අනුව සෑම දිස්ත්‍රික්කයක් තුලම ප්‍රධාන නගරයක ඒකාබද්ධ උද්ඝෝෂණයක් පැවැත්වීමටත්, එදින සිට අප්‍රේල් 28 දින දක්වා සතියක විරෝධතා සමග මහ ජනතාව, ව්‍යාපාරිකයින්, සම්භන්ධ කර ගනිමින් හර්තාල් ව්‍යාපාරයකට එළඹීමටද වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකමුතුව තීරණය කරන ලද බවත්, අප්‍රේල් 28 දින දීප ව්‍යාපත්ත වර්ජනයක් ක්‍රියාත්මක කරමින්, රජය ජන මතයට ගරු කරමින් තීන්දු ගන්නාතෙක් අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ග වෙත එළඹීමටද වෘත්තීය සමිති ඒකමතිකව තීරණය කරන ලද බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.