ඇඟලුම් කම්හලක පිරිසක් හදිසියේ ලෙඩවෙලා

ඇඟලුම් කම්හලක පිරිසක් හදිසියේ ලෙඩවෙලා
කොග්ගල නිදහස් වෙළෙඳ කලාපයේ පිහිටි ඇඟළුම් කම්හලක සේවක සේවිකාවන් 327ක් පමණ,ආහාර ආසාත්මිකතාවක් හේතුවෙන්  කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.
 
 බස් රථ කිහිපයකින් ඔවුන් රෝහලට ගෙන එන ලද බවත්, තවත් පිරිිසක් පැමිණෙමින් සිටින බව ත් රෝහල් ප්‍රකාශකයෙක් කියා සිටියේය.
 
අද(20) උදෑසන ආහාර ගැනීමෙන් පසු මෙම තත්ත්වය ඇතිවී ඇති බවත්, කුකුළු මස් සහිත ආහාරයක් මෙලෙස විෂ වී ඇති බවට සැකකරන බවත් රෝහල් ආරංචි මාර්ග පවසයි.
 
ආසාත්මිකතාවලට ලක්වූ පිරිස මේ වනවිට කරාපිටිය රෝහලේ වාට්ටුවලට ඇතුළත් කරමින් සිටියි.