ගුරු අපේක්ෂාවෙන් පසුවෙන උපාධිධාරී ඔබට මෙන්න අවස්ථාව -මඟහැර ගන්න එපා

ගුරු අපේක්ෂාවෙන් පසුවෙන උපාධිධාරී ඔබට මෙන්න අවස්ථාව -මඟහැර ගන්න එපා
උපාධිධාරී අභ්‍යාඅසලාභීන් හා සංවර්ධන නිලධාරීන් වයඹ පළාත් සභා පාසල්වල පවතින ශ්‍රී ලංකා ගුරු සේවයේ 3 පන්තියේ I (අ) ශ්‍රේණියේ ගුරු පුරප්පාඩු සඳහා බඳවා ගැනීම 2022 සඳහා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පදනම මත බඳවා ගැනීමට නිලධාරී කාණ්ඩ කිහිපයක් යටතේ අයඳුම්පත් කැඳවා තිබේ.
 
ඒ අනුව , 
 
  • උපාධිධාරී රැකියාගත කිරීමේ වැඩසටහන -2020 යටතේ බඳවාගනු ලැබූ සියලුම උපාධිධරී අභ්‍යාසලාභීන් හා එම වැඩසටහන යටතේ උපාධිධාරී අභ්‍යාසලාභීන් ලෙස පුහුණුවට බඳවාගනු ලැබූ ස්ථීර පත්වීම් ලැබූ කණ්ඩායම.

  • 2018 සහ 2019 වසරවලදී ක්‍රියාත්මක කළ අභ්‍යාසලාභී උපාධිධාරීන්හට රජයේ ආයතනවල පුහුණුවල්ල් ලබා දීම වැඩසටහන යටතේ  උපාධිධාරී අභ්‍යාසලාභීන් ලෙස පුහුණුවට බඳවාගනු ලැබූ සංවර්ධන නිලධාරී සේවයේ ස්ථීර පත්වීම් ලැබූ කණ්ඩායම.

  • ඩිප්ලෝමාධාරීන් බඳවා ගනු ලබන විෂයයන් සඳහා උපාධිධාරීන් රැකියාගත කිරීමේ වැඩසටහන් යටතේ 2018,2029 හා 2020 වර්ෂවල බඳවාගනු ලැබූ ඩිප්ලෝමාධාරීන්.

 
යන කණ්ඩායම් යටතේ මෙම බඳවාගැනීම් සිදු කිරීමට නියමිතයි.