අභ්‍යාසලාභී උපාධිධාරින් ගුරු සේවයට බදවා ගැනිම ගැන අලුත් හෙලිදරව්වක්

අභ්‍යාසලාභී උපාධිධාරින් ගුරු සේවයට බදවා ගැනිම ගැන අලුත් හෙලිදරව්වක්

රාජ්‍ය සේවයට බඳවාගත් අභ්‍යාසලාභී උපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගැනීමේදී මතුව ඇති ගැටළු සම්බන්ධයෙන් හා එම ගැටළු විසඳා ගැනීමේ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ඒකාබද්ධ අභ්‍යාසලාභී එකමුතුවේ කැඳවුම්කරු තැන්නේ ඤාණානන්ද හිමියන් විසින් අදහස් දැක්වීමක් සිදුකර තිබේ.

එහිදී උන්වහන්න්සේ වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ "රාජ්‍ය සේවයට බඳවාගත් අභ්‍යාසලාභීන් මුහුණ දෙන ප්‍රධාන ගැටළු රාශියක් අපි හදුනාගනිමින් සිටිනවා.එන් එක් ගැටළුවක් තමයි අභ්‍යාසලාභී පුහුණුවට ඇතුළත් කිරීමේදී වයස් සීමාව සලකා නොබැලූ නමුත් දැන් ගුරු සේවයට බඳවා ගැනීම සඳහා කරන අයඳුම්පත් කැඳවීමේදී ඔවුන්ව නුසුදුස්සන් සේ සලකා ගුරු බඳවා ගැනීමේ ක්‍රියාවලියෙන් ඉවත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාශය කටයුතු කරනවා" යනුවෙනි.

උන්වහන්සේ ඒ සම්බන්ධයෙන් වැඩිදුටත් කරුණු සඳහන් කරන වීඩියෝ පටය පහතින් නරඹන්න...