මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම් රොහාන් ලක්සිරි මහතා සඳහන් කළේ ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට ගෙදර යන්නැයි බලකරමින් රටපුරා ක්‍රියාත්මක වැඩවර්ජනයට එක් වෙමින් විශ්ව විද්‍යාල ආචාර්යවරුන් සංකේත වර්ජනයක නිරතවන බවද ඔවුහු තම තමන් සේවය කරන විශ්ව විද්‍යාල ඉදිරිපිට පෙරවරුවේ විරෝධතා සංවිධානය කරන බවයි.
