අලි සබ්රිගේ ප්‍රකාශය ලංකා බැංකු සේවක සංගමය දැඩි ලෙස හෙළා දකියි

අලි සබ්රිගේ ප්‍රකාශය ලංකා බැංකු සේවක සංගමය දැඩි ලෙස හෙළා දකියි

රාජ්‍ය බැංකු සම්බන්ධ විශේෂව මුදල් ඇමති අලි සබිරි මහතා මාධ්‍ය ආයතනයක් සමග සිදු කල ප්‍රකාශය ලංකා බැංකු සේවක සංගමය දැඩිලෙස හෙළා දකින අතර රාජ්‍ය බැංකුවලට කිසිදු ආකාරයක මැදිහත්වීමි සංගමය ඉතා දැඩි ප්‍රතික්ෂේප කර සිටින බව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, රාජ්‍ය බැංකු ද්විත්වය මේ ආකාරයට දැඩි පීඩාකාරී තත්ත්වයකට පත් කිරීමට ආණ්‌ඩුව සම්පුර්ණයෙන්ම වග කිව යුතු අතර රාජ්‍ය ආයතන වලට ලබා දී ඇති අතිවිශාල මුදල් කන්දරාව වහාම ක්‍රියාත්මක වන පරිදි ආපසු බැංකුවලට ලබා දීමට මුදල් ඇමතිවරයා කටයුතු කල යුතුය.

එමෙන්ම සංගමය දිගින් දිගටම පෙන්වා දුන් පරිදි රාජ්‍ය බැංකුවලට වත්මන් ආණ්‌ඩුව පත්කල සමහර දූෂිත සභාපතිවරුන් හා නිලධාරීන් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කල යුතු අතර ඔවුන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කල යුතුය.

සංගමය දැනටමත් දැනුම් දී ඇති පරිදි 2020 ආරම්භයේ සිට මේ දක්වා සිදුකරන ලද කටයුතු සම්බන්ධව වෝහාරික විගණනයක් කඩිනමින් ආරම්භ කල යුතුය.

සියළුම ආකාරයේ දේශපාලන මැදිහත්වීමි සංගමය ප්‍රතික්ෂේප කරන අතර රාජ්‍ය බැංකුවල කොටස් නිකුත් කිරිම් ඇතුළුව ඕනෑම මැදිහත්වීමකට දැනුම්දීමකින් තොරව දැඩිව වෘත්තිය ක්‍රියාමාර්ග ගැනීමට මොහොතකට හෝ ප්‍රමාද නොවන බව ද ඉතා දැඩිව අවධාරණය කර සිටිමු.