06 දා හර්තාලය ගැන ගත් අලුත්ම තීරණ මෙන්න

06 දා හර්තාලය ගැන ගත් අලුත්ම තීරණ මෙන්න
ජනපීඩන ආණ්ඩුවට ගෙදර යන්නැයි බලකරමින් මේ මස 6 වැනි දින රටපුරා හර්තාලයක් පවත්වන බව වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය නිවේදනය කරයි.
 
ඒ් අනුව රජ්‍ය,අර්ධ රාජ්‍ය, පුද්ගලික සහ වතු යන කේෂ්ත්‍රවල සියලු සේවක සේවිකාවන් එම වර්ජනයට එක්වන අතර රටපුරා හර්තාල් ක්‍රියාමර්ගවල නිරතවන බව සඳහන්ය.
 
රටපුරා සෑම නගරයකම මෙන්ම සෑම ගම් ප්‍රදේශයකම ජනතා එදින පාරට බැස ආණ්ඩුවට එරෙහිව විරෝධතාවල නිරත වන බව ද, ඒ සඳහා ක්‍රමවත් වැඩපිළිවෙළක් සකස්කර තිබෙන බව ද, කියැවෙයි.
 
මේ අතර වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ හර්තාල් කමිටුව විසින් අද (02) ගනු ලැබූ තීරණ පහත පරිදි සැකෙවින් දැක්විය හැකිය.
 
 

 
# 05.06 ප්‍රකාශයට පත් කර ඇති හර්තාල් ව්‍යාපාරය සහ වැඩ වර්ජනය සියලුම ක්ෂේත්‍ර වල ක්‍රියාත්මක කිරීම .
 
# 05.06 දින වන විටත් හර්තාල් ව්‍යාපාරයත් වර්තමාන ආණ්ඩුව ඇහුන්කම් නොදෙන්නේ නම් රාජපක්ෂ පවුල් පාලනය පන්නා දැමීමට දීප ව්‍යාප්ත හර්තාලයක් 5.11 දින සිට ආරම්භ කිරීම.
 
# 28 වර්ජනය සාර්ථක කර ගැනීම වෙනුවෙන් එකතු කරන ලද TUCC දිස්ත්‍රීක් කමිටු TUCC දිස්ත්‍රික් හර්තාල් කමිටු ලෙස සියලු දිස්ත්‍රික් වල 06 දින හර්තාලය සාර්ථක කර ගැනීමට මැදිහත් වීම.
 
# තවදුරටත් සම්බන්ධ නොවී ඇති වෘත්තිය සමිති සහ බහුජන සංවිධාන වලට හර්තාලය සාර්ථක කර ගැනීම සඳහා හර්තාලයට එක්වන ලෙස ආරාධනා කර කැඳවුම්කරුවන් දෙදෙනා විසින් ලිපියක් යොමු කිරීම .
 
# සියලු ක්ෂේත්‍ර තාම තමන්ගේ බහුජන සංවිධාන හර්තාලයට එක්වන බව සහතික කරමින් ජන මාධ්‍ය හමු පවත්වමින් ජනතාව දැනුවත් කිරීම 
 
#  හර්තාල් දිනයේදී සියලු සංවිධාන වල සාමාජිකයින් තමන් ජීවත්වන ප්‍රදේශ වල ජනතාව පෙළස්වමින් ආසන්නතම නගරයට හෝ මාර්ගයට පැමිණ හර්තාලය සාර්ථක කර ගැනීමට කටයුතු කිරීම 
 
# දේශපාලන පක්ෂ වල වෘත්තිය සමිති එම පක්ෂ සමග සාකච්ඡා කර හර්තාලය සාර්ථක කර ගැනීමට දේශපාලන පක්ෂ වල සහාය ලබා ගැනීම.
 
# 06 හර්තාල් දිනට අදාල පෝස්ටරයක් මුද්‍රණය කර රටපුරා ඇලවීමට කටයුතු කිරීම .
 
# අත්පත්‍රිකාවක් මුද්‍රණය කර ඒ ඒ වෘත්තිය සමිති ,බහුජන සංවිධාන නම් වලින් අදාල ප්‍රදේශ තුළ හා ආයතන තුළ බෙදා හැරීම .
(TUCC මඟින් අත්පත්‍රිකාවේ ආකෘතිය ලබා දෙනු ඇත )
 
# TUCC හර්තාල් කමිටුව රැස්වීම 05.05 දින දහවල් 2.00 ට මහජන පුස්තකාල ශ්‍රරවණාගාරයේදී පැවැත්වීමට තීරණය කරන ලදී.
 
මේ අතර වෛද්‍ය නිළධාරීන් හැර සෞඛ්‍ය සේවාවේ සියලු කාර්යමණ්ඩල හය වෙනිදා උදේ 7සිට පැය විසිහතරක් වර්ජනය කිරීමට වෘත්තීය සමිති ඒකමතික තීන්දුවක් ගෙන ඇති බව සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුව වෙනුවෙන් රවි කුමුදේශ් පවසයි.
 
අත්‍යවශ්‍ය හා ජීවිතාරක්ෂණ සේවා සියල්ල ස්වෙච්චාවෙන් සැපයෙන බවත්, මහජනතාවගේ අපහසුතාවයන් අවම කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් සකස් කර ඇති බව හෙතෙම කියා සිටියි.
 
අත්‍යවශ්‍ය නොවන සාමාන්‍ය සත්කාර සේවා සඳහා එදිනට රෝහල් වෙත නොපැමිණෙන ලෙස මහ ජනතාව වෙත  ඉල්ලීමක් කරන බවද ඔහු සඳහන් කළේය.