හර්තාල් දින(6) දා මහජනතාව වෙත සෞඛ්‍ය වෘත්තීය එකමුතුව විශේෂ ඉල්ලීමක් කරයි

හර්තාල් දින(6) දා මහජනතාව වෙත සෞඛ්‍ය වෘත්තීය එකමුතුව විශේෂ ඉල්ලීමක් කරයි

වෛද්‍ය නිළධාරීන් හැර සෞඛ්‍ය සේවාවේ සියළු කාර්යමණ්ඩල මැයි මස 6 වෙනිදා උදේ 7 සිට පැය 24ක වර්ජනයක් කිරීමට වෘත්තීය සමිති ඒකමතික තීන්දුවක් ගත් බව සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුව නිකුත් කළ නිවේදනයක දැක්වේ.

අත්‍යවශ්‍ය හා ජීවිතාරක්ෂණ සේවා සියල්ල ස්වෙච්චාවෙන් සැපයන අතර,  මහජනතාවගේ අපහසුතාවයන් අවම කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් සකස් කර ඇති බවත්, අත්‍යවශ්‍ය නොවන සාමාන්‍ය සත්කාර සේවා සදහා එදිනට රොහල් වෙත නොපැමිණෙන ලෙස මහ ජනතාව වෙත  ඉල්ලිමක් කරන බව එම නිවේදනයේ සඳහන්වේ.

එදින උදෑසන 9සිට සෞඛ්‍ය අමත්‍යාංශය සහ රෝහල් ඉදිරිපිට හර්තාල් ව්‍යාපාරයක පැවැත්වෙන අතර ඒ සඳහා සහභාගී වන ලෙසත්, මෙම හර්තාල් ව්‍යාපාරයේදී මහජනතාවගේ පොදු දේපල වලට කිසිදු හානියක් සිදු කිරීම හෝ ප්‍රචණ්ඩත්වය  අත්හදා බැලීම කිසිවිටෙකත් සිදු නොකල යුතු බවට තරයේ අවධානය කරන අතර, මෙරට සුවහසක් වූ රෝගී ජනතාවට ඇති විය හැකි අපහසුතා උපරිමයෙන් අවම කිරීම සඳහා මේ වෙනුවෙන් විධිමත් හා පුළුල් ප්‍රචාරයක් ලබා දෙන ලෙස ඉතාමත් කාරුණිකව ඉල්ලා සිටින බව වැඩිදුරටත් සඳහන්.