අර්බුදය විසඳීමට මාධ්‍ය ක්‍රියාකාරි කමිටුවෙන් මන්ත්‍රීවරුන්ට යෝජනා මාළාවක්

අර්බුදය විසඳීමට මාධ්‍ය ක්‍රියාකාරි කමිටුවෙන් මන්ත්‍රීවරුන්ට යෝජනා මාළාවක්

රට මුහුණ දී ඇති අස්ථාවරත්වයෙන් ගොඩ ඒම සඳහා මාධ්‍ය ක්‍රියාකාරි කමිටුව විසින් පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරුන් හට යෝජනා මාළාවක් ඉදිරිපත් කර ඇත.

එම යෝජනා පහතින් තැක්වේ.

මාසයක කාලයක සිට රට තුළ ව්යාකූල තත්ත්වයක් නිර්මාණය වී ඇත. පවතින දුෂ්කරතා විඳ දරා ගැනීමට නොහැකි වූ ජනතාව මහ මගට පැමිණ තම සාධාරණ විරුද්ධත්වය ප්රකාශ කරනු ලැබිණි. රටේ ජනතාව මහමගට පැමිණ ඉල්ලා සිටින සාධාරණ ඉල්ලීම් මොනවාද? එනම්,

  • ඉන්ධන හිඟය
  • අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය අධික මිල ඖෂධ මිල සහ හිඟය
  • පොහොර ප්‍රශ්ණය 
  • ඩොලර් අර්බුදය

ගැටළු වලට පිළියම් සොයා  දෙන ලෙසයි.

මෙම අර්බුද විසඳීම සඳහා කිසියම් නිශ්චිත විසඳුමක් කරා ප්රවේශ වීමේ වගකීම ව්යවස්ථානුකූලව පැවරී ඇත්තේ වත්මන් පාර්ලිමේන්තුව නියෝජනය කරන මහජන නියෝජිතයින් වන ඔබටයි.

එම වගකීම පසුගිය පාර්ලිමේන්තු සති දෙක තුළදී ඔබ විසින් ඉටු කළේ ද යන්න ඔබ සියලු දෙනා ඔබගේ හෘද සාක්ෂියට අනුව විමසා බැලිය යුතුය.

දින අටක් පුරා පාර්ලිමේන්තුව රැස්වී නිශ්චිත විසඳුමකට පිවිසීමට අපොහොසත් වූ ඔබ

හෙටින් ඇරඹෙන පාර්ලිමේන්තු සතිය තුළ ක්රියා කරන්නේ පෙර පරිදිමද යන්න බරපතල ගැටලුවකි.

හෙටින් ඇරඹෙන පාර්ලිමේන්තු සතිය අවසන් වන විට රටේ ජනතාවට පිළිගත හැකි යම් විසඳුම් සෙවීමේ ක්රමවේදයකට ප්රවේශ වීමක් හෝ ඔබ විසින් සිදු කරනු ඇතැයි අපේක්ෂා කරන්නෙමු. අවම වශයෙන් පහත ක්රියාමාර්ග ගැනීමට හෝ ඔබ විසින් කටයුතු කරනු ඇතැයි අපි බලාපොරොත්තු වන්නෙමු.

1.            පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ නායකයින් රැස්වී පවතින අර්බුදය විසඳීම සඳහා වූ යෝජනාවලියක් කඩිනමින් සකස් කිරීම.

2.            ඉන්ධන,ඖෂධ,ගෑස්,අත්යවශ්යය  ආහාර ද්රව්ය ආදී ජනතාවට ඍජුව බලපා ඇති ගැටලු සඳහා විසඳුම් කවරේද එම විසඳුම් සඳහා ගතයුතු ක්ෂණික ක්‍රියාමාර්ග කවරේද යන්න රට හමුවේ තැබීම සඳහා වූ යෝජනාවලියක් ඉදිරිපත් කිරීම ඒ සඳහා පාර්ලිමේන්තුවේ ආර්ථිකය සම්බන්ධ විශේෂඥතාවයක් සහිත පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ගෙන් සමන්විත කාරක සභාවක් පිහිටුවීම.

3.            රටේ ජනතාවට පිළිගත හැකි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසකගෙන් සමන්විත විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පිහිටුවා එම කාරක සභාව රැස්වී ජනතා අරගලයේ නිරත සියලු පාර්ශ්වයන් හමුවී ඔවුන්ගේ යෝජනා අදහස්  සාකච්ඡා කර රට ගොඩනැගීම සඳහා ගත යුතු පියවර කඩිනමින් සිදු කිරීම සඳහා අදාළ සියලූ අංශ පාර්ලිමේන්තුව වෙත කැඳවා ඊට අදාළ පියවර ගැනීම.

4.            මේ වන විට තනතුරු නොදරන සියලුම කැබිනට්,රාජ්ය,නියෝජ්ය අමාත්යවරුන් භාවිතා කරන ලද නිල නිවාස වාහන සහ අනෙකුත් සියලු පහසුකම් ඉවත් කර ගෙන තිබේද යන්න පැහැදිලිව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම.

5.            තනතුරු දරන කැබිනට්,රාජ්ය,නියෝජ්ය අමාත්යවරුන්ද මේ වන විට ඔවුන්ට  හිමි වරප්රසාද ඉවත් කිරීමට කටයුතු කිරීම සහ එය ප්රායෝගිකව සිදු කර ඇති බවට ජනතාවට පිළිගත හැකි ආකාරයට කටයුතු කිරීම.

මහජන ඡන්දයෙන් තේරී පත්ව මහජන බදු මුදලින් නඩත්තු වන ඔබ මෙම පාර්ලිමේන්තු සතිය තුල හෝ රටේ අර්බුදය විසඳීම සඳහා යම් දායකත්වයක් ලබාදුන් බවට සතුටු විය හැකි ආකාරයේ ක්රියාමාර්ග ගැනීමට දායක වන ලෙස ඉල්ලා සිටින්නෙමු.

එසේ නොවුණහොත් ඉතිහාසයේ අපේ රට අරාජිකත්වයට ඇද දැමූ පිරිසේ කොටස්කරුවන් බවට ඔබ ද පත් වනු ඇත.