වසර හැට නවයකට පසු සිදු කල ශ්‍රී ලංකාවේ දෙවැනි හර්තාලය සහ වැඩවර්ජනය අතිශය සාර්ථකයි

borella-harthal

අපේක්ෂා නොකල මට්ටමේ ජනතා ප්‍රතිචාරයක් හර්තාල ව්‍යාපාරය සදහා ලබා ගැනීමට හැකිවීම මගින් ජනාධිපතිවරයාට එරෙහිව ඇති මහජන විරෝධය හොදින් තහවුරු කර තිබෙනවා.

කොළඹ දිස්ත්‍රික්කය තුල පැවති එක් හර්තාල් විරෝධතාවයක් වෘත්තීය සමිති නායකයින්ගේ, සිවිල් සංවිධාන සහ වෙළද සංවිධාන වල සහභාගීත්වයෙන් බොරැල්ල මංසන්දියේදී පැවැත්විණි.

එහිදී නගර මධ්‍යයේ මල බතක් උයමින් අනුභව කල විරෝධතාකරුවන් රාජපක්ෂ පාලනයේ මරණය සංකේතවත් කලේය. එසේම කපුටු දානයක් පිළියෙල කර කපුටන්ට සහ සුණඛයන්ට පිළි ගන්වමින් රට විනාශ කල පාලකයි බල්ලන් හෝ කපුටන් ලෙස හෝ රට තුල නැවත නොඋපදින ලෙස ප්‍රාර්ථනය කලෝය.

රිජ්වේ ආර්යා ළමා රෝහලේ, වෛද්‍ය පර්යේෂණ ආයතනයේ, ශ්‍රී ලංකා ජාතික රෝහලේ සහ මධ්‍යම ලේ බැංකුවේ ස්වේච්චා සේවයේ යෙදී සිටින කාර්‍යමණ්ඩලය වරින්වර පෙලපාලියෙන් එම ස්ථානයට පැමිණ නගර මධ්‍යයට පැමිණ උද්ඝෝෂණය කර හර්තාලයට සහයෝගය පළ කලේය.

මෙම හර්තාල ව්‍යාපාරයට රජය ප්‍රතිචාර නොදක්වන්නේ නම්, ලබන එකොලොස් වෙනිදා සිට අඛණ්ඩ වර්ජනයක් සහ හර්තාලයක් ආරම්භ කර,  සියළු ජනතාව සමග ජනාධිපතිවරයා හමුවට පැමිණෙන බව වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය සම කැදවුම්කරු රවී කුමුදේශ් මහාතා විසින් ප්‍රකාශ කලේය.