රජයේ වෛද්‍යවරුන් හදිසි නීතියට විරුද්ධයි

රජයේ වෛද්‍යවරුන් හදිසි නීතියට විරුද්ධයි
රටතුළ හදිසි නීතිය ප්‍රකාශයට පත් කරමින් රජය ගත් ප්‍රජාතන්ත්‍ර විරෝධී පියවරට දැඩි විරෝධය දක්වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
 
වහාම මර්දනකාරී නීති ඉවත්කර ජනමතයට හිස නමන්නැයි දේශපාලන අධිකාරියට බලකර සිටින බව ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු කියා සිටියි.
 

මේ අතර මර්දනකාරී ආණ්ඩුවට ජනමතයට හිස නමන ලෙස බල කරමින් පසුගිය දින හර්තාලයට සමගාමීව මොණරාගල රෝහලේ   වෛද්‍යවරුන් ඇතුළු සියලු සුව  සේවකයන්  සහභාගීත්වයෙන් උද්ඝෝෂණ ව්‍යාපාරයක් පවත්වනු ලැබිණි.