අද සිට අඛණ්ඩව ක්‍රියාත්මකවන විරෝධතා සතියක්

අද සිට අඛණ්ඩව ක්‍රියාත්මකවන විරෝධතා සතියක්
රටේ පවතින වත්මන් තත්ත්වයට හදිසි නීතිය කිසිසේත්ම පිළිතුරක් නොවන බවත් එය මහජනතාව බිය වැද්දවීමට දරන උත්සාහයක් පමණක් වෘත්තිය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා පෙන්වා දෙයි.
 
එම හේතුවෙන් තවදුරටත් ගන්නා වූ මෙවැනි උද්ධච්ච තීන්දුවලට එරෙහිව සහ වත්මන් පාලනයට ඉල්ලා අස්වෙන ලෙස බලකරමින් අද (09) සිට එළැඹෙන 13 වෙනි දින දක්වා අඛණ්ඩ විරෝධතා සතියක් ප්‍රකාශයට පත් කළ බවත්  හෙතෙම සඳහන් කළේය.
 

එමෙන්ම රටේ හදිසි අවස්ථා තත්ත්වයක් පැවතීම හේතු කර ගනිමින් මහජන ආරක්ෂාව සහ රටේ යථා පැවැත්ම සුරක්ෂිත කිරීම මෙන්ම මහජන ජීවිතයට අත්‍යවශ්‍ය සැපයීම් හා සේවා පවත්වාගැනීම සඳහා හදිසි නීතිය කිසිසේත්ම අනුකූල නොවන බවත් පැවසීය.