ආගමන හා විගමන නිලධාරීන් සේවයෙන් බැහැර වීමේ සූදානමක්

ආගමන හා විගමන නිලධාරීන් සේවයෙන් බැහැර වීමේ සූදානමක්
ඇතැම් පුද්ගලයන් සහ කණ්ඩායම් රටින් බැහැර යෑම පිළිබඳව තියුණු සංවාදයක් පැනනැගී ඇති තත්වය තුළ ආගමන හා විගමන නිලධාරීන්ගේ රාජකාරිවලට දැඩි බලපෑමක් එල්ල වී ඇති බවත් රටේ පවතින අරාජික සහ නොසන්සුන්කාරී තත්වයට කඩිනම් විසඳුමක් නොදුන හොත් වාහාම ක්‍රියාත්මක වන පරිදි රාජකාරිවලින් බැහැර වන බවත් ශ්‍රී ලංකා ආගමන හා විගමන නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කර තිබේ.
 

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් ගමන හා විගමන නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙන්නේ ගුවන් තොටුපළ සහ වරායයන්හි ප්‍රත්‍යන්ත පාලන කටයුතුවල නිරත ආගමන හා විගමන නිලධාරී රාජකාරි කටයුතු සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය, සෙසු මාධ්‍ය සහ පොදුවේ මහජනතාව අතර දැඩි අවධානයක් සහ සංවාදයක් නිර්මාණය වී  තිබෙන බවයි.