මහජන දේපළ කොල්ලකන හෝ පුද්ගල හානි සිදුකලොත් වෙඩි තැබීම සදහා ති‍්‍රවිධ හමුදාවට නියෝග

මහජන දේපළ කොල්ලකන හෝ පුද්ගල හානි සිදුකලොත් වෙඩි තැබීම සදහා ති‍්‍රවිධ හමුදාවට නියෝග
මහජන දේපළ කොල්ලකන හෝ පුද්ගල හානි සිදු කරන සියඵ තැනැත්තන්ට වෙඩි තැබීම සදහා ති‍්‍රවිධ හමුදාවට නියෝග කර තිබෙනවා.
 
නිවේදනයක් නිකුත් කරමින් ආරක්ෂක අමාත්‍යංශය සදහන් කළේ හදිසි නියෝග යටතේ පවතින බලතළවලට අනුව මෙම නියෝගය පනවා ඇති බවයි.
 

යුද හමුදා මාධ්‍ය ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් නිලන්ත ප්‍රේමරත්න මහතා ප‍්‍රකාශ කළේ අදාළ නියෝගය මේ මොහොතේ සිට කි‍්‍රයාත්මක බවයි.