තැපැල් අදත් වර්ජනයේ

තැපැල් අදත් වර්ජනයේ

ගාලුමුවදොර පිටියේ නිර්පා ක්ෂික අරගල කරුවන්ට රජයේ මැරවරයින් විසින් එල්ල කල මිලේච්ච ප්‍රහාරයට විරෝධය පළ කරමින් ක්‍රියාත්මක කළ තැපැල් සේවක වැඩ වර්ජනය තවදුරටත් ක්‍රියාත්මක බැවින් අද දින සේවයට පැමිණීම අවශ්‍ය නොවන බව ඒකාබද්ධ තැපැල් වෘත්කීය සමිති පෙරමුණ නිකුත් කළ මාධ්‍ය නිවේදනයක දැක්වේ.

කෙසේ වෙතත් මෙම වැඩ වර්ජනය හේතුවෙන් මහජනතාව පත්ව ඇති අපහසුතාවයන් සලකා අද ( 2022.05.12) දින මධ්‍යම රාත්‍රි 12.00 මෙම වැඩ වර්ජනයෙන් ඉවත්වන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්වේ.