ජන මතයට හිස නමා ජනාධිපතිවරයා වහාම ඉවත් වන්න

ජන මතයට හිස නමා ජනාධිපතිවරයා වහාම ඉවත් වන්න

වසරකට ආසන්න කාලයක් මුළුල්ලේ රට තුළ නිර්මාණය වූ ආර්ථික අර්බුදය නිසි පරිදි කළමනාකරණය කර ගැනීමට නොහැකිවීමත් අදාළ විශේෂයෙන් සම්බන්ධව ප්‍රවීන් ඉවත් නොවන අයගෙන් උපදෙස් ලබාගෙන රට තුළ නිර්මාණය කරන ලද කාබනික පොහොර වැනි මේ වන විට ප්‍රායෝගික නොවන කෘෂිකාර්මික ප්‍රතිපත්ති නිසා රට දැවැන්ත අර්බුදයක් කරා ගෙන යමින් මේ වන විට ලේ ගංගාවක් බවට පත් වීමට මග පාදන ලද දේශපාලන සංස්කෘතියක් ද ඊට සෘජු හා වක්‍රාකාරයෙන් දුන් දේශපාලකයින්ගේ නායකයා ලෙස වර්තමාන ජනාධිපතිවරයා විසින් ගෙන යන වැඩපිළිවෙළ ජනතාව ගේ අපකීර්තියට පත්ව ඇති බැවින් ද රටේ ජනතාවගෙන් අති මහත් බහුතරයක් වර්තමාන ජනාධිපතිවරයාට විරුද්ධත්වය පළ කර ඇති තත්ත්වයක් යටතේ ඉතා නම්‍යශීලී තීරණයක් ගෙන ජනාධිපතිවරයා ධූරයෙන් ඉවත් ව්‍යවස්ථානුකූලව කටයුතු කිරීමට හැකි දේශපාලන වාතාවරණයක් නිර්මාණය කරන ලෙස වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳව වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය ජී ජී චමල් සංජීව මහතා පැවසීය.

හා ආර්ථික අර්බුදයක් නිර්මාණය වන බවට දිගින් දිගටම පෙන්වා දී තියෙද්දීත් එම තත්ත්වයන් නොසලකා හැර අවම තරමින් සාමාන්‍ය පෙළ විෂය දී පවා වාණිජ විෂය ඉගෙන නොගන්නා ලද පුද්ගලයන් මගින් දේශපාලනිකව ආර්ථික අර්බුදය හැසිරවීමත් දී දේශීය සහ විදේශීය ආර්ථික ප්‍රතිපත්ති දිගින් දිගටම අනුගමනය කිරීමත් නිසා රට තුළ ඇති වූ ආර්ථික ප්‍රතිඵලය නිසා ආහාර ඉන්ධන ගෑස් විදුලි බල සහ ඖෂධ යන ක්ෂේත්‍රයන්හි ඇතිවූ අර්බුදයේ නිසා සාමාන්‍ය මහජනතාව දේශපාලන අරමුණකින් තොරව මහ පාරට පැමිණ ජන අරගලය සිදු කරන අවස්ථාවකදී නිපුනිකා කුඩා පිරිසක් විසින් සිදුකළ අමානුෂික සහ ප්‍රචණ්ඩකාරී හැසිරීම නිසා රට මේ වනවිට සහමුලින්ම අස්ථාවර සහ ව්‍යාකූල තත්ත්වයට පත්ව ඇති බවද ඒ මහතා පැවසීය

දැනටමත් කරාපිටිය ශික්ෂණ රෝහල ඇතුළුව රෝහල් කිහිපයකම රෝගීන් විපාක වශ්‍ය හදිසි සත්කාරක දැඩි සත්කාර ඒකක හා ශල්‍යකර්ම සඳහා අවශ්‍ය කරන ඖෂධ සහ රසායන බැවින් නොමැතිවීම නිසා මරණ කිහිපයක්ම වාර්තා වී ඇති බව එම රෝහලේ වෛද්‍යවරුන් විසින් තමන්ට දැනගන්නට ලැබී ඇතැයිද පැවසීය

ඉක්මනින් දේශපාලන තත්ත්වය නිරාකරණය නොකොට තාවකාලික විසඳුම් ලබාදීම හරහා මේ තත්ත්වය වැඩි වර්ධනය වන බලන්න මාත්‍රාවක් chartha රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවකයන් බව වාර්තා කිරීමේ පවතින වඩ වර්ජන කාරී තත්වයක් අදාල ක්ෂේත්‍රයන්හි ඇතිවී තිබෙන ආර්ථික අවපාතය තත්ත්වය තවත් වැඩි කරන බැවින් ද ඉතා ඉක්මනින්ම ජනාධිපතිවරයා ඉල්ලා අස්වී පවත්වාගෙන යාමට පාර්ලිමේන්තු ඉඩ සැලසීම ඉතා වැදගත් වන බව ද අවධාරණය කරන ලදී

මෙම මාධ්‍ය සාකච්ඡාවේ දී අදහස් දැක්වූ එම වෘත්තීය සමිති සන්ධානයේ ලේකම් වෛද්‍යවරයන් බණ්ඩාර මහතා පැවසූයේ ප්‍රධාන පෙළේ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති ව්‍යාපාරයක නායකයෙකුගේ උපදෙස් පරිදි විමසීමකින් තොරව කටයුතු කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ජනාධිපතිවරයා මේ අවාසනාවන්ත තත්ත්වයට මුහුණ දුන් බවයි වැඩි අස්වැන්නක් ලබාදෙන සංකල්ප වෙනුවට නියමු ව්‍යාපෘති වලින් තොරව කාබනික පොහොර සංකල්පයක් හදිස්සියේ ජනගත කිරීමෙන් අනුරාධපුර පොලොන්නරු යන ප්‍රදේශවල ගොවි ජනතාව මහත් අසරණ තත්වයට පත්වූ අතර මෙම ජන අරගලය ආරම්භ වූ මහතා විසින් සිදුකළ ගොවි අරගල බවද ඒ මහතා පැවසීය

එම අර්බුදය සදහා නිවරදි කරන ලෙසට විද්‍යාඥයන් විසින් දිගින් දිගටම ලබාදෙන්න උපත තුළ කාසල කටයුතු කිරීමත් රාජ්‍ය පාලනයේදී ඒ මහතා විසින් දක්වන ලද ආදර්ශ තවත් මත නිර්මාණය වූ ජන අරගලය අවසානයේ දී දැවැන්ත දේශපාලන අස්ථාවරභාවයක් දක්වා පත්ව ඇති බැවින් හැකි ඉක්මනින් ජනාධිපතිවරයා ඉල්ලා අස්වී ස්ථාවරභාවය පවත්වාගෙන යා හැකි

පාලන තන්ත්‍රයට අවස්ථාව ලබාදිය යුතු බවත් එසේ නොවන්නේ නම් රට නැවත වරක් ලේ විලක් බවට පත් විය හැකි බවද පැවසීය එසේම මෙය අර්බුදකාරී අවස්ථාවේදී පෞද්ගලික පළිගැනීමේ චේතනාවෙන් පුද්ගලයන්ට පහරදීම් වු පොදු දේපල විනාශ කිරීම වෙනුවට ඉතා බුද්ධිමත්ව කටයුතු කිරීම වැදගත් වන බව ද පැවසීය

මෙවැනි ට රට අරාජික තත්ත්වයක් නිර්මාණය වී ඇති බැවින් හැකි ඉක්මනින් ප්‍රායෝගික විසඳුම් ලබා දීමට සියලු පක්ෂ විපක්ෂ දේශපාලකයන්ද ආගමික නායකයන්ද වෘත්තීය සමිති නායකයන්ද පෙරමුණට පැමිණ කටයුතු කළ බවද වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා වැඩිදුරටත් එම මාධ්‍ය සාකච්ඡාවේදී අවධාරණය කරන ලදී.