ලීනස් ජයතිලක සහෝදරයාට අපේ ආචාරය..!

ලීනස් ජයතිලක සහෝදරයාට අපේ ආචාරය..!

සැබෑ මිනිසකු අපෙන් වියෝ වන්නේ සිය රූප කායෙන් පමනි. ලීනස් සහෝදරයා වෙන්ව ගියේ රූප කායෙන් පමණි. ලීනස් සහෝදරයා වෙන්ව ගියේ ඔහුගේ විශිෂ්ට චරිත ලක්ෂණත් මනුෂ්‍යයාගේ යහපතට කැපවීමේ ගුණයත් අපට ඉතිරි කර තබමිනි. හේ උගතෙකි. එහෙත් කිසි විට ඒ බවක් පෙන් වුයේ නැත. හේ බුද්ධිමතෙකි. එහෙයින් කළ යුත්ත ගැන නිශ්චිත අදහසක් තිබිණ. ඔහුගේ හැකියාවන් කිසිවිට විකිණුවේ නැත. කාටවත් විකිණුනේ ද නැත.

තරුණ කාලයේ ම පූජකවරය සඳහා පුරුදු පුහුණු වී ඉහලට යෑමට පූර්ණ සුදුසුකම් ලබා පහලට බැස්සේය. ඒ ඔහුගේ පළමු අභිනිෂ්ක්‍රමණය යි.

ශ‍්‍රමය මිනිසා තැනූ හෙයින් ශ‍්‍රමය යොදන මිනිසා වෙනුවෙන් කැපවීම ඔහුගේ දෙවන අභිනිෂ්ක්‍රමණය යි. බුද්ධිමත් කම නිසා නම්‍යශීලී වූ ඔහු කම්කරු සටනේ දී අනම්‍ය විය.

උගත් බුද්ධිමත් කමත් පසෙක තිබීයේවා.

ඔහු සතුව තිබුණු චරිත ලක්ෂණ ඇති අයකු සොයා ගැනීම ඉතා දුෂ්කර ය. ලීනස් සහෝදරයා සැබැවින්ම මානව සම්පතකි.

මේ විශිෂ්ට මිනිසාට හිස නමා ගරු කිරීමට ලැබීමත් අප හැමට ගෞරවයකි.

ප්‍රජාතන්ත්‍රීය අයිතිවාසිකම් රැකගැනීමේ ව්‍යාපාරය-MDDR