වෙළඳ කලාපවලට වහාම අවධානය යොමු නොකොලොත් දසදහස් ගණනකගේ රැකියා අහිමි වෙයි - අශීලා දන්දෙණිය

ftz

වෙළඳ කලාප වල කර්මාන්තශාලා හිමියන්ට ඉන්ධන සපයා ගැනීමට නොහැකි වීමෙන් තම නිෂ්පාදන අපනයනය කිරීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇතැයි ස්ටැන්ඩ් අප් වෘත්තීය සමිතියේ අශීලා දන්දෙණිය “වැඩබිම“ට පැවැසීය.

Ashila dandeniya 6

අශීලා දන්දෙණිය මහත්මිය වැඩිදුරටත් පවසා සිටියේ, විදුලිය කැපීම නිසා කර්මාන්ත ශාලා වසා දැමීමේ අනතුරක් තිබෙන බවත්, කර්මාන්ත ශාලා හිමියන්ගේ නිෂ්පාදන කටයුතු නියමිත වෙළාවට ලබාදීමේ ගැටලුවට බරපතල ලෙස මුහුණ පා ඇති බවත්, ඉන්ධන නොමැතිව තම විදුලි උත්පාදක යන්ත්‍ර කියාත්මක කිරීමට නොහැකිව ඔවුන් අසරණ තත්ත්වයකට පත්ව ඇති බවයි.

මේ වන විට කලාප වල තිබෙන කම්හල් වෙනත් රටවලට ගෙනයාමේ අනතුරක් තිබෙන බව කම්හල් හිමියෝ තම සේවක සේවිකාවන්ට පවසා ඇති බවත්, එසේ වුවහොත් රටේ දස දහස් ගණනක්ගේ රැකියා අහිමි වීමෙන් රට අනතුරකට පත්වීමට ඉටකඩ ඇති බැවින්, මේ තත්ත්වය වලක්වා ගැනීමට නව අග්‍රාමාත්‍යවරයා වහාම වෙළඳ කලාප වල රැකියා සුරක්ෂිත කිරීම වෙනුවෙන් වෙනම කමිටු පිහිටුවා විදුලිය හා ඉන්ධන ලබාදීමේ කඩිනම් වැඩපිළිවෙලක් වහාම සකස් කළ යුතු බව දන්දෙණිය මහත්මිය වැඩිදුරටත් පවසා සිටියා.

Chandra Deva red

රෙඩ් සංවිධානයේ චන්ද්‍ර දන්තරායන වැඩබිම“ ට පවසා සිටියේ පොලීසිය බොරු චෝදනා දමා පසුගිය දින වල සිදුවූ ක්‍රියාවන්ට වෙළඳ කලාප වල සේවක සේවිකාවන් අත්අඩංගුවට ගනිමින් සිටින බවයි. රජය මෙම තත්ත්වය නැවැත්වීමට කටයුතු නොකලහොත් වෙළඳ කළාප තුළ නොසන්සුන්තාවයක් ඇතිවීමට හැකි බවක් එය මේ අර්බුද හමුවේ වැඩ වර්ජන දක්වා ගමන් කළ හැකි බව ඇය වැඩිදුරටත් පවසා සිටියා.